8 කොටස

48 12 0
                                    

අනිත් කට්ටිය ඉස්කෝලෙ යන්න කලින් ජින් ලෑස්ති උනේ උදේ පාන්දරම ජිමින් ව එක්ක ගිහින් එයාගෙ යුනිෆෝම් එක අරන් දෙන්න ..මොකද ඊයෙ යුනිෆෝම් එක ගන්න ගියාට යුනිෆෝම් එක ගන්න ලැබුනේ නෑ..

ජිමින් වත් නැගිට්ටවගෙන ජින් කෙලින්ම කාර් එකට නැගල හැටට හැටේ එලවන් යන හැටි දැකපු අනිත් කට්ටිය ටිකක් බූත වෙලා බලන් හිටියේ .. මේ මනුස්සයාට මොකද වෙලා තියෙන්නෙ කියලා .. ජිමින්ව ඉස්කෝලෙ එක්ක යනවා කියලා දන්නෙ ජින් විතරයි ,තාම අනික් අයට කියලා තිබ්බෙ නෑ ඒක නිසා මේ මිනිස්සු කට ඇරන් ටික වෙලාවක් බලන් ඉදලා එලියට පැන්නෙ එයාලත් ඉස්කෝලෙ යන්න ඕන නිසයි .

තාමත් බාගෙට නිදිමතේ ඉන්න කුමාරයා ඇසුත් පොඩි කර කර ලොකු ඇනූමක් අරින හැටි ජින් දැක්කා ..

💗 : ඔහොම නිදි මත වෙලා බෑ ජිමින්.අද ඉදන් පාන්දරම නැගිටින්න වෙනවාඉස්කෝලෙ යන්න ..

අර නට්ටො දෙන්න මදිවට දැන් ඔයාවත් ඇහැරවන්න වේවි වගේ..

💛 : .......

💗 : ඕඉ ජිමිනා ! නැගිටපිය ..අපි ආවා .

බෑග් එක ගන්න .. අපි යමු .ඉක්මන් කරන්න පරක්කුයි .

💛 :ම්ම්..ආ..ඕ..හරි..

ජිමින්වත් ඇදගෙන කාර් එකෙන් බැහැපු ජින් ශොප් එක ඇතුලට ගියේ ඉස්සරහා හිටපු කෙල්ලටත් ඔලුව නමලා ආචාර කරනගමන් .

💗 : අන්න්‍යොන්හසෙයො ! මට මගේ මල්ලිගෙ යුනිෆෝම් එක ගන්න පුලුවන්ද ?

අපිට ගොඩක් පරක්කුයි .

Women  : හරි පුලුවන් . මේ පැත්තෙන් එන්න

  කොල්ලො දෙන්නට ඉස්සර වුනු ගෑනු කෙනා  දෙන්නවම එක්කන් ගියේ ඇදුම් තියෙන පැත්තට . එතන තිබ්බ පිරිමි ඇදුම් වලින් ජිමින්ට ඕඩර් කරපු යුනිෆෝම් ටික ගත්තු ඈ ඒක ජිමින්ගේ අතට දුන්නෙ කාමරයක් දිහාවට අත දික් කරලා පෙන්නන ගමන්. කුමාරයා කන්න වගේ බලන් ඉන්න බව දැක්පු ජින් ටක් ගාලා ජිමින්ව ෆිටොන් එකට තල්ලු කලේ ඕක ඇදන් එන්න කියලා කියන ගමන් .

ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || OnholdDonde viven las historias. Descúbrelo ahora