17 කොටස

36 10 4
                                    

තමන්ගේ උපරිම ශක්තිය දාලා ජිමින් බටේ දිගේ නගින්න ගත්තේ කොහොමහරි දුම එන කාමරේ ජනේලෙන් ඇතුලට පැනගන්න .ඒත් ඒක හිතන තරම් ලේසි උනේ නැහැ .එයාගෙ අත් කැපිලා තිබ්බ නිසා වේදනාව ඉවසගන්න ජිමින්ට ලොකු මහන්සියක් දරන්න උනා .එයාගෙ තුවාල බටේ දිගේ ඇතිල්ලෙන වාරයක් පාසා එයා තොල් හපාගත්තෙ කටින් එන සද්ද නවත්තගන්න .

ජිමින් මතක් කරගත්තේ ජන්ග් මී ගෙ මූන .ඒ ලස්සන හිනාව , දිලිසෙන ඇස් . එයාගෙ තුරුලට වෙලා ඉන්න විදිහ ජිමින් මවාගත්තා . ජන්ග් මීව හොයාගත්තු ගමන් ,මේ පාර නම් කොහෙටවත් යන්න දෙන්නෙ නෑ කියලා එයා හිතාගත්තා. හැමදාම එයා ගාවට වෙලා සතුටින් ඉන්න විදිහ එයා හිතින් මවාගත්තා . ඒත් එක්කම ජිමින්ගෙ හිත පිරිලා ගියේ සතුටකින් .ජන්ග් මී එක්ක ඉන්න හැටි මවාගන්න එකෙන් පවා කොල්ලගේ හිතට ගෙනාවෙ සතුටක් .

බලාපොරොත්තු ගොන්නක් තියාගෙන කොහොමහරි අන්තිමට ජිමින් ට ජනේලෙන් ඇතුලට පැනගන්න පුලුවන් වුනා .ඒකට පැනපු ගමන්ම ජිමින් දැක්කේ ජන්ග් මී ඇදකට වෙලා නිදාගෙන ඉන්න හැටි .හැබැයි එයාගෙ අත් දෙක ඇඳට කරලා බැඳලා . කෙල්ලව ඉන්න විදිහ දැක්කම ජිමින්ට දැනුනේ කියාගන්න බැරි දුකක් . ඒත් එක්කම දෙපාරක් නොහිතා ජිමින් දිව්වෙ ජන්ග් මී ලගට .අත් දෙක ලෙහුවත් කෙල්ලගෙ කිසි ප්‍රතිචාරයක් නැහැ . ජිමින් හෙමීට කෙල්ලව හෙලෙව්වෙ ඇහැරවන්න බලාගෙන .ඒත් එක්කම එයා හෙමීට කෙල්ලට කතා කලා .

💛 : ජන්ග් මී ? ජන්ග් මී ..

ඒත් කිසිම සද්දයක් නැහැ .මේ කාමරෙ හුස්ම ගන්නත් ටිකක් අමාරුයි ,මොකද තාමත් දුම් පිරිලා .ඒක නිසා ජිමින් ආපහු දුවල ගියේ දොර ගාවට ..ලොක් කරල තිබ්බ දොර සම්පූර්ණයෙන් ඇරපු ජිමින් , ආපහු ජන්ග් මී ලගට ඇවිල්ලා ඉදගත්තා .ඉදගෙන එයා හෙමීට ආපහු ජන්ග් මීට කතා කලා .

💛 : ජන්ග් මී ? ඇහැරෙන්න . ජන්ග් මී ?

ඒ පාර නම් ජන්ග් මී හෙමීට ඇස් ඇරියේ ,තාමත් මොකක්ද උනේ කියලා හරියට මතක් කරන ගමන් . කාමරේ දොර ඇරපු නිසා කෙල්ලට හුස්ම ගන්න ලේසි උනා .කලු දුම් වෙනුවට ආපහු ඔක්සිජන් එයාගෙ පෙනහලු වලට පිරෙද්දී කෙල්ලට වට පිටාව ආපහු පැහැදිලිව පේන්න ගත්තා . එයා හරියට ඇස් ඇරපු ගමන්ම දැක්කෙ , මේ වෙලාවෙ එයා දකින්න ආසම නැති උන කෙනෙක් . කෙල්ලගේ හිතත් දුකින් මිරිකෙන්න ගත්තේ , එයා අද දවසෙම දැකපු දේවල් ආපහු චිත්‍රපටියක් වගේ කෙල්ලගෙ ඇස් ඉස්සරහා මැවෙද්දී .

ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || OnholdWhere stories live. Discover now