9 කොටස

45 11 1
                                    

උදේ පාන්දරින්ම  කුකුලත් අතින් අරගෙන නැගිටින්නෙ නම්ජූන් ..එයා පඩිපෙල බැහැගෙන කුස්සියට යනකොට ඇහෙන සද්ද බද්ද වලට ජින් ඇහැරෙනවා . ජින් ඇහැරුනාට පස්සෙ යන්නෙ පොඩි උන් තුන්දෙනාව ඇහැරවන්න .

කාමරේට ගියපු ජින් දැක්කේ තුනට තුන බදාගෙන කොල්ලො තුන්දෙනා නිදන් ඉන්න විදිහ . ජිමින්ගෙ මූන ටේගෙ බෙල්ල අස්සෙ .ජන්කුක් ගෙ කකුල ජිමින්ගෙ ඇග උඩ .ජිමින් මැද .ටේ කුකී ගෙ අත අල්ලගෙන  . කොල්ලො ටික හිටපු විදිහට ඇහැරවන්න හිත නොදුන්නත් , ජින් ගිහින් තට්ටුවක් දැම්මෙ ජන්කුක්ට ..

💗 : කුකී නැගිටින්න .
💜️: ......
💗 : නැගිටිනවලා තුන් දෙනාම !

ඒ සද්දෙට කුකී ඉද්දක් ගැහුවා වගේ කෙලින් උනේ ඇස් දෙකත් ලොකු කරන් .

💗 :ඔය දෙන්නටත් ඇහැරවලා ලෑස්ති වෙන්න .මට ආපහු කියන්න තියන්න එපා .

එහෙම කියපු ජින් කාමරේ ලයිටුත් ඔන් කරන් ගියේ පහලට .
ඒ ගියපු ගමන් ම ඇහේ කබ කඩපු ජන්කුක් දැක්කෙ තාම නිදන් ඉන්න අනික් දෙන්නා . කුකීත් ආපහු ඒ ගොඩටම සෙට් ව්න්න කියලා ඇලවුනත්  ආපහු නැගිට්ටෙ දෙයක් මතක් වෙලා .

💜️ : ඊයෙ නයයි මුගටියයි වගේ හිටපු දෙන්නා නේද මේ ? 

ඒ එක්කම කුකී දැක්කෙ ටේගෙ කොන්ඩෙ තිබුනු තනකොල ගහක් .ඒක ඇදල අතට ගත්තු කුකී ඒක දිහා බලන් හිටියෙ ඒක ටිකක් සෝදිසි කරන ගමන් .

💜️ : මුන් දෙන්නගෙ මොකක් හරි හොරයක් තියෙනව . හිතුව මදි මාව තම්බන්න .හිටපන් උබලා ..

එහෙම කියාගත්තු කුක් එයාගෙ අත් දෙක එකට  ඇතිල්ලුවේ කපටි අදහසක් ඔලුවට ආපු නිසයි . දෙන්නගෙම පපුව උඩින් අත් දෙක තියපු ජන්කුක් එයාගෙ උපරිම ශක්තියෙන් මිරිකුවා .

💛💚 : ආආආආආආආආආහ් ...!!!!

( A /N : කුක්සන් කරපු වැඩේ හිතා ගැනීම දයාබර පාඨක ඔබට බාරයි . 🙂❤️ )

💜️ : නැගිටිනවල ඉස්කෝලෙ යන්න තියෙනවා .

💚 : මොකද්ද මිනිහො ඒ කරපු වැඩේ.කතා කලානම් නැගිටිනවා නේද ?
හිතක් පපුවක් නැති ටිරිසනෙක් .

ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || OnholdWhere stories live. Discover now