7 කොටස

44 13 3
                                    

🌼 : ලමයි ඕන හැමදේම ගත්තා නේද ?

🌹: ඔව් හැල්මොනී .ඔක්කොම හරි .

🌼 : අනේ මගේ ලමයි ටික .පරිස්සමට යන්න ඕන හරිද ?

💗 : අනිවාරෙන් බය වෙන්න එපා .

ආපහු වතාවක් සෝල් යන්න ලෑස්ති වෙන ලමයි ටික දිහා ඈ බලන් හිටියේ හරිම දුකකින් . ආපහු මාස ගානක් යනකන් එයාලට මෙහෙ එන්න බෑ .

💙 : එහෙම නම් අපි ගිහින් එන්නම් .හැල්මොනී !

🌼 : ආපහු ඉක්මනටම එන්න ලමයි .

❤️ : අනිවාරෙන් .එහෙම ඔයාව දාල යන්න බෑ . අපි ආපහු අනිවාරෙන් එනවා .

💜️ : අන්‍යොන්හි ගෙසෙයෝ !

  වාහනේට ගොඩ වෙලා යන්න ලෑස්ති වෙන ලමයි දිහා ඈ බලන් හිටියා . ජිමින් නම් ගොඩක් පුදුම වෙලයි හිටියේ .රෝද හතරක් ,අටක් ? උඩ දුවන පෙට්ටියක් ?

උතුරන කුතුහලය නිසා ම කුමරුන් වට පිටාව බැලුවේ හරිම පුදුමෙන් . ජනේලෙන් විනිවිද පේන එලිය දිහා කුමරු බලන් හිටියේ පුදුමෙන් . මොහොතකට එයාට හැමදෙයක්ම අමතක වෙලා .

ලමයි ටික ගියාට පස්සෙ හැල්මොනී ආපහු ඇතුලට ගියේ එයාල හිටපු කාමරවල රෙදි මාරු කරලා අස් කරන්න . ජිමින් හිටපු කාමරේට ගිය ඈ දුටුවේ ඇදට එහා පැත්තේ තිබුනු රෙදි කෑල්ලකින් ඔතපු මොකක් හරි වලල්ලක් . එයා ගිහින් ඒක අතට ගත්තත් , ඒ ලේන්සුව දැක්ක ඈට එය අතඇරුනේ හිස් පලඳනාව ඈතට රෝල් වෙලා යද්දියි .

( හෙ හෙ 🙂)

****

 

 
පැය 8 කට පසු . ~

දීර්ඝ ගමනකට පස්සේ හෙම්බත් වෙලා හිටපු හැමෝම අතරේ කුමාරයා  නම් හිටියේ වෙනම ලෝකයක . අහස උසට තිබ්බ ගොඩනැගිලි . ආලෝකය විහිදුවන කණු .පාරෙ දුවන වාහන ගැන කිසි දෙයක් නොදන්න කුමරු මේ හැමදේම බලන් හිටියේ හරි පුදුමෙන් වගේම ආසාවකින් .

සෝල් වල ගෙදරට ආවට පස්සෙ හැමෝම තම තමන්ගේ බඩු ගේ ඇතුලට ගෙනාවා .

💚 : සෝල් වල අපේ ගෙදෙට්ට සාදරයෙන් පිලිගන්නවා !

වෙනම ලෝකෙක හිටපු ජිමින්ගෙ කනට කරල කෑගහපු ටේ නිසා ජිමින් උඩ ගියා .

ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || OnholdDonde viven las historias. Descúbrelo ahora