4 කොටස

73 15 8
                                    


සීතල පොළවේ බිම වැතිරී සිටි කුමරුන් තම ඇස් ඇර   අදුරු කුටියේ  තම ඇස් එහා මෙහා ගෙන ගියේ තමා සිටින්නේ කොහිද යන්න සැක හැර දැනගැනීමට යි . තවමත් ඇදුම්කන හිස අමාරුවෙන් ඔසවා ගත් කුමරු සෙමින් සෙමින් නැගිට බිත්තියට හේත්තු වූයේ ය.

තමාට සිදුවූයෙ කුමක්ද කියා කල්පනා කල කුමරුන් තම බද වටා අත් දෙක ඔතාගත්තේ සුසුමක්ද පිටකරමිනි .එක්වරම තම කබායේ යම්කිසි දෙයක් තදින් අසුවෙනු දැනුනු කුමරුන්   තම  කබා සාක්කුවට අත දමා  උදෑසන ඔහු  සාක්කුවට ඔබා ගත් ඇපල් ගෙඩිය පිටතට ගත්තේ ය .

සිහින් සිනාවක්  මුවෙහි රදවාගත් කුමරු තමාගෙ ඇපල් ගෙඩියෙන් අහුරක් කටින් සැපුවේ එහි මිහිරි රස තමාගෙ දිව අග රැදෙනවිට ය .

මහන්සියෙන් මැඩවී සිටි ඔහුට ඒ සුලු ආහරය කුඩා හෝ  ප්‍රාණවත් බවක් ගෙන දුන්නේ ය .තම ඇපල් ගෙඩිය කා අවසාන කල ඔහු තම බන්දනාව තම අතින් පිරිමදින්නට විය . කල්පනා ලෝකයට පා තැබූ කුමරුන්  එක්වරම් තිගැස්සුනෙ ඔහු අසලින් දිවූ මීයෙක් නිසා ය . මීයා දුටු කුමරුන් සැනසුම් සුසුමක් හෙලුවේ ඌගෙන් ඔහුට හිරිහැරයක්  නැති බව දන්නා නිසාය . වෙනදාට මේ වෙලාව වන විට තම කුටියට වී පොතක් කියවන කුමරුන්ට අද සිර මැදිරියක් තුලට වී මීයන් එහා මෙහා යන සැටි බලාසිටීමට සිදුවී ඇත .කුමරු තමාට සිදුවූයෙ කුමක්ද කියා කල්පනා කරන්නට විය .

එක්වරම ඔහු සිටිය සිර මැදිරිය පිටතින්   තට්ටු කරන ශබ්දයක් ඇසුනත් ඔහු  එය ගනන් නොගෙන සිටියේ තවම්ත් නැගිටගන්නට තරම් ශක්තියක් ඔහු තුල නොවූ නිසා වෙන්‍ ය . ටික මොහොතකට පසු නැවතත් ඒ හඬ ඇසෙන්නට වූයෙන් බිත්තිය ට වාරු දී නැගිටගත් කුමරු  සෙමින් සෙමින් තම කුටියේ යකඩ කූරු අසළට ගියේ මේ මොහොතේ තමාව මුනගැසෙන්න ට තරම් සිටින්නේ කවුද යැයි කල්පනා කරමිනි . යකඩ කූරු වල වූ හිඩැස් තුලින් එලියේ සිටි කෙනා දුටු ඔහු පුදුමයෙන් එදෙස බලා සිටියේ ය .

" පාලිකා හන් ඔබ කුමක්ද මෙහි කරන්නේ ? " කුමරු සෙමින් ඇසුවේ ය .

  " මමයි ඔබෙන් ඒ ප්‍රශ්නය ඇසිය යුත්තේ . මා ඔබ ගැන විශ්වාස කලා කුමරුනි , ඔබට සිදුවූයෙ කුමක්ද ?

ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || OnholdWhere stories live. Discover now