" ජියා ! " කුඩා දැරියගේ මෑණියන් තමන්ගේ දුවව හොයනවා ." මෙන්න ඔයාගේ පාෂාණය ! මේක තියාගන්න . " පුන්චි දැරිය ඒ පිරිමි ලමයාට දික් කලේ නිල් පාටට හුරු ගල් කැටයක් .
හරියටම මුහුණ පෙනුනේ නැති උනත් හුරුපුරුදු ගතියක් ඒ ගැහැනු ලමයා ගාව තිබුනා .
" නැහැ .මමයි මෙතන පිරිමි ලමයා .පිරිමි අය කිසි දිනෙක කාන්තාවන්ගේ දේවල් ගන්නේ නැහැ .මේක ඔබම තියාගන්න .ඔබේ හොදම යාලුවා විදිහට මෙය ඔබට තිලිණ කරනවා මන් . " කුඩා කුමරු ඒ ලස්සන පුන්චි නිල් පාට ගල් කැටය , ගැහැනු ලමයගේ අතටම දුන්නෙ ගැහැනු ලමයාගෙ මූණ සිනහවකින් පිරිලා යද්දී .
" තුති වේවා ! ඔබ තමා මාගෙ හොදම මිතුරා . ස්තූතියි ජිමින් ! " ගැහැනු ලමයා අන්තිම වරට එසේ කියද්දී කුමාරයාගෙ මූනෙත් ඇදුනේ ලස්සන හිනාවක් .
" ජියා ! ඔබ මෙතනද ? මා ඔබව කොතරම් වේලා සෙවුයේද ?
ඔහ් කුමරුණී ..ඔබත් දැන්ම මාලිගාවට යන්න . පුලුවන් තරම් ඉක්මනින් . " හදිසියෙන් එතනට ආපු කාන්තාවක් කුඩා ගැහැනුලමයාගෙ අතින් අල්ලගෙන ඇයව එක්කගෙන යන්න කලින් කුමාරයාවත් මාලිගාවට යවන්න අමතක කලේ නැහැ.
ESTÁS LEYENDO
ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || Onhold
Fanficනොහඳුනන ලෝකයක අතරමන් වී එකිනෙකා වෙනුවෙන් ආදරයේ මං පෙත් විවර කරගනිමින් ... ආදරයත් ❤වගකීමත් අතර සටනක .⚔️ සැඟවුණු රහසක් , අදහා නොගත හැකි විස්මයන් පිරි ලෝකයක් , උරුමකරුවන් , වීරයන් වන වීරයන් සහෝදරත්වෙයෙන් බැඳෙන උන්මාදජනක ගමනක් . Here , The ecstatic in...