32

1.2K 267 19
                                    

"මං තෝරගන්නෙ මගෙ ආදරය." ටේහ්‍යුන් එයාගෙ අවසන් තීරණය ඒ විදිහට ප්‍රකාශ කලා. ඒ වෙලාවෙ කවුරුත් දැක්කෙ නෑ ටේහ්‍යුන්ගේ නළලෙ දිලිසෙමින් තිබුනු රක්ත මාණික්‍යයේ දම් පාට දිස්නයක් දීලා නැති වෙලා යන විදිහ.

"එ-එපා.." ජන්ග්කුක් හිමින් මිමිනුවේ ඇස් වලින් කඳුලු ගලාගෙන යද්දි. ඩාකන් මහ හයියෙන් හිනා වුනා.

"තමුන්ට මොළේ තියෙනවා මං හිතුවට වඩා. එහෙනම් මං මුලින්, තමුන්ගෙ රක්ත මාණික්‍ය ගන්නම්. ඊටපස්සෙ නීල මාණික්‍ය. ඊටපස්සෙ මේ ලෝකෙ කාටවත්ම බෑ මාව නවත්තන්න." ඩාකන් කිව්වේ වියරුවෙන් හිනා වෙමින්.

ඊටපස්සෙ ඩාකන් එයාගෙ කොළ පාට බලය ටේහ්‍යුන්ගේ පපුවට යොමු කරලා රක්ත මාණික්‍ය ඇදගන්න පටන් ගත්තා. මේ වෙලාවේ ආරක්ෂකයො ටික තම තමන්ගෙ බල වලින් ඩාකන්ට පහර දුන්නේ කොහොම හරි මේක නවත්තන්න. ඒත් මාණික්‍ය දෙකේ බලයටවත් කරන්න බැරි දෙය එයාලට කරන්න බැරි වුනා. සිද්ද වුනේ එයාලත් තුවාල ලබපු එක.

ඩාකන් දිගටම ටේහ්‍යුන්ගේ මාණික්‍ය ඇදලා ගන්න උත්සාහ කරද්දී ටේහ්‍යුන් වේදනාවෙන් කෑගැහුවා.

"අ-අනේ එපා ප්ලීස්." ජන්ග්කුක් අසරණව මිමිනුවා.

අන්තිමේදි ඩාකන් ටේහ්‍යුන්ගේ රක්ත මාණික්‍ය ඇදලා ගන්නවත් එක්කම ටේහ්‍යුන් පණ නැතුව බිමට වැටුනා.

"ටේ!!" කෑගැහුව ජන්ග්කුක් එයාගෙ බලය යොදාගෙන දම්වැල් බිඳ දාලා ටේහ්‍යුන් ගාවට යන්න දැඟලුවත් එයාට ඒක කරන්න බැරි වුනා.

ඩාකන් දිලිසෙන ඇස් වලින් සිහිය නැතුව බලන් හිටියේ අවකාශයේ පාවෙමින් තිබුනු රක්ත මාණික්‍ය දිහා. එයා ඒක අතට අරන් ජන්ග්කුක් දිහා බැලුවේ නපුරු හිනාවක් මූනෙ රඳවගෙන.

"දැන් නීල මාණික්‍ය." කිව්ව ඩාකන් ඒ විදිහටම ජන්ග්කුක්ගේ පපුවට එයාගෙ බලය යොමු කරලා නීල මාණික්‍ය ඇදලා ගත්තම ජන්ග්කුක් වේදනාවෙන් කෑගැහුවා. ටේහ්‍යුන් වගේ නෙමෙයි ජන්ග්කුක් කියන්නෙ මනුස්සයෙක් විදිහට උපතින්ම දුර්වල කෙනෙක්. ඉතින් නීල මාණික්‍ය එයාගෙ ඇඟෙන් අයින් වුනාම ඇඟේ තිබුනු දරුණු තුවාල වගේම නීල මාණික්‍ය ඇඟෙන් ඉවත් වෙද්දී වුනු බලපෑම නිසා ජන්ග්කුක්ව සිහිය නැතුව වැටුනා. ඩාකන්ගේ බන්ධනය ඉවත් වුනේ ඊටපස්සෙයි.

The main power 💙❤️ ||  (Complete)Where stories live. Discover now