33

1.3K 265 33
                                    

ජිමින් කාමරෙන් පිටත් වුනාට පස්සෙ ටේහ්‍යුන් හිමින් හිමින් ඉකිබිඳින ජන්ග්කුක් ගාවට ළං වෙලා එයා ගාව ඇඳෙන් වාඩි වුනා. වාඩි වුනා විතරයි ජන්ග්කුක් ටේහ්‍යුන්ව බදාගෙන එයාගෙ පපුව අස්සෙ මූන ඔබාගෙන හයියෙන් අඬන්න පටන් ගත්තා. ටේහ්‍යුනුත් එයාව ආපස්සට බදාගෙන ආදරෙන් පිට අත ගෑවා.

"අඬන්න එපා love. ඇයි ඔයා අඬන්නෙ හ්ම්ම්?" ටේහ්‍යුන් ඇහුවේ ජන්ග්කුක්ගේ හිස සිඹිමින්.

"I-i'm sorry හියුන්. ඔ-ඔයා ම-මට ග්-ගොඩක් ආදරෙයි. අ-අනිත් හැමදේටම වඩා ඔයා මං ගැන හිතද්දී ම-මං ඒක හෑල්ලුවට දැම්මා. ඔ-ඔයාගෙ ආදරේ ගැන මට කිසි අගයක් නෑ හියුන්. ඔයාගෙ ආදරේ මට ලැබෙන්න සුදුසු නෑ. I'm sorry හියුන්." ජන්ග්කුක් ඉකි ගහමින් කිව්වා.

"නෑ පැටියෝ. ඔයාගෙ කිසිම වරදක් නෑ. මමයි ඔයාගෙන් සමාව ගන්න ඕනෙ. ඔයාගෙන් විතරක් නෙමෙයි මුලු මෝ රාජධානියෙන්ම මට සමාව ගන්න ඕනෙ. ඔව්, ජිමින් කියපු සේරම ඇත්ත තමයි. මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ තමයි. ඒත් මට දුකයි, මං නිසා මෝ රාජධානිය විනාශ වෙන්න තිබුනා. මට ඒ වගේ තෝරගන්න දෙයක් නොතිබුනා නම් කොච්චර හොඳද." ටේහ්‍යුන් කිව්වේ අඬන එක නවත්තලා සිහින් ඉකි පිටකරමින් එයා කියන දේ නිශ්ශබ්දව අහන් ඉන්න ජන්ග්කුක්ගේ බ්ලොන්ඩ් කොණ්ඩෙ අතරින් ඇඟිලි ගෙනියමින්.

ඊටපස්සෙ එයා ජන්ග්කුක්ව එයාගෙන් ඈත් කරලා එයාගෙ උරිස් දෙකන් අල්ලගෙන මූනට එබුනා.

"මේ බලන්න love. ඔයාගෙ කිසිම වැරැද්දක් නෑ. ඔයා හිතුවා හැමෝම ගැන. ඔයා ඒන්ජල් කෙනෙක්ම තමයි. මගෙ බනී ඒන්ජල්." කිව්ව ටේහ්‍යුන් හිනා වෙලා ජන්ග්කුක්ගේ නළලට හාදුවක් දුන්නා.

"ඔයා හැමෝම ගැන හිතද්දි මං ගොඩක් සෙල්ෆිශ් උනා. ඉතින් මමයි මෙතන සමාව ගන්න ඕන කෙනා love. ඔයා නෙමෙයි තේරුනාද? ආයිත් අඬන්න එපා." කිව්ව ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ කඳුලු පිහ දැම්මම ජන්ග්කුක් හිනා වුනා.

ඒත් ඊළඟට එයාව පුදුමයෙන් කෑගස්වමින් ටේහ්‍යුන් එයාගෙ උකුළෙන් උස්සලා ටේහ්‍යුන්ගේ උකුළ උඩින් තියාගත්තේ මුහුණට මුහුණ ඉන්න විදිහට. එයාගෙ ඉන වටේ අත් දෙක යවපු ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ නළලට නළල තියාගත්තා.

The main power 💙❤️ ||  (Complete)Where stories live. Discover now