❄Chapter 07❄

128 17 2
                                        

Author's pov

අහිමිවීම්.........

හිමිවීම් අහිමිවීම් මැද අපි ළඟ තනියට වැඩිපුරම නැවතුනේ අහමිවීම්

ඒත්..........

බොහෝ අහිමිවීම් අතර ජීවිතයට හිමි වුණ එකම එක දෙයක් හරි තියෙනවා

ඉතින් ඇයි අපිට බැරි හැමදේම අහිමි වුණා කියලා හිත හිත දුක් වෙනවට වඩා ඒ ලැබුණු එකම එක දේ ගැන හරි හිතලා සතුටු වෙන්න?

මොකද මේ ලෝකේ කොහෙවත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෑ.

ඇයි ඉතින් අපි තවත් දුක් වෙන්නේ. අපි මහන්සි වුණොත් මං හිතන්නෙ නෑ ඒ නැතිවුණ දේවල් හිමි කරගන්න බැරි වෙයි කියලා.

ජීවිතයට නැතිවුණ සමහර දේවල් ආපස්සට ආයේ ගන්න බැහැ තමයි

ඒත් මතක තියාගන්න...

වැසුණු හැම මොහොතකම අලුත් දොරක් ඇරෙන්නේ අපිට නැතිවුණ හැමදෙයක්ම ඊටත් වඩා හොඳ විදියට ලබාගන්න අලුත් අවස්ථාවක් උදා කරලා දීලා.......

_______________________

" හියොන් ඔයාට හොදටම ඒ ගැන විශ්වාස ද ? "

ජන්ග්කුක් ඇහිබැමකුත් උස්සන් ටේ ගෙන් ඇහුවේ කිසිම බරක් පතලක් නැතිව ටේ කියපු දේ ගැන පුදුම වෙලා.

" වේ? මං ඇත්තටම යුන්හිට කැමතියි "

" ටේ හියොන් විහිලු කරන එක නවත්තන්න "

ජන්ග්කුක් හිනාවෙවී කියනකොට ටේ ඒක විහිලුවක් නෙමෙයි කියන්න ඔලුව වැනුවේ ජන්ග්කුක්ගේ හිතේ පුංචි තැතිගැස්මක් ඇති කරලා.

" හියොන් !!! "

" ඇයි මට යුන්හිට ආදරේ කරන්න බැරිද? "

" ආදරයයි කැමැත්තයි කියන්නේ දෙකක් හියොන්. ඔය දෙක පටලවගත්තොත් විඳවන්න වෙන්නේ ඔයාටමයි."

" ජන්ග්කුකා...... උඹ මොකක්ද ඔය කියන්න හදන්නේ ? කෙලින් කියපන්. "

" ඔය අදහස හිතින් අයින් කරගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. යුන්හි කියන්නේ මගේ නංගී හියොන්. මං කැමති නෑ මගේ නංගී පාවිච්චි කරලා විසි කරලා දාපු සෙල්ලම් බඩුවක් වෙනවට හියොන්ගේ වුණත්."

❄Yet 2 Come❄ [Completed✔️]Where stories live. Discover now