❄Chapter 15❄

101 9 10
                                        

( මෙතන ඉදන් මං කතාව continue කරන්නේ third person view එකෙන්. )

No one pov

වෙනදට යුනිවර්සිටි එකේ චෙරි මල් ගහ යටට වෙලා ඉවරයක් නැති කතා අද නිහඬයි. කෙල්ලෝ තුන්දෙනාගෙන් කෙනෙක් අද මේ ගහ යටම තනිවෙලා.

තනි වෙලා..........

ඔව්....අප්‍රකාශිත ප්‍රේමයත් සමග තනි වෙලා.

තාලෙකට ගැහෙන හදවත්වල රිද්මය අමුතු සංගීතයක් මවනකොට පරිසරයෙනුත් මේ නිහඬතාවය අගය කරනවා වගෙයි දැනුණේ.

එක්කෙනෙක් පිළිතුරක් දැනගන්න නිහඩ වෙනකොට අනිත් කෙනා ප්‍රශ්නයක් හමුවේ නිහඬයි.

" ජන්ග්මි....අද අහස හරිම ලස්සනයි නේද? "

ජිමින් අහනකොට ජන්මිගේ මුහුණේ ඇදුනේ සිහින් හිනාවක්.

" හ්ම්ම්.... "

ඈත පේන අහස දිහාම බලාගෙන මිමිණුව ජන්ග්මි ගත දැවටුණ සිහිල් සුළඟ විඳගත්තේ හරිම ආසාවෙන්.

මේ හුළඟට කෙල්ල ආස කරා......

ඊටත් වඩා මේ දැනෙන පහසට

' ජිමින්.....කොහොමද ඔහොම මට ආදරේ කරන්නේ ? ඔයා මේ කරන්නේ අනාගතේ හුඟක් පසු තැවෙන වැඩක්. ඔයාට මාව ගැලපෙන්නෑ. මේ වැඩකට නැති කෙල්ලව ඔයා ගාවින්වත් තියන්න බෑ. මං ඔයාට ආදරෙයි. ඒත් කොහොමද මං ඒක කියන්නේ. ඔයාට මට වඩා හොද කෙනෙක්ව ලැබෙයි. '

ජන්ග්මි හිතපු දේ හරි. ඔව් සමහරක් විට ජිමින්ට එයාට වඩා හොඳ කෙනෙක්ව මුණගැසේවී....ඒත් ඒ කෙනා කවදාවත් ජන්ග්මි වගේ නොවේවී....ජන්ග්මිගේ තැන ගන්න කාටවත් ඉඩ නොලැබේවී....ජිමින්ගේ හදවතේ හැමදාමත් ජන්ග්මිගේ නම විතරක්ම රැඳිලා තියේවී.....

" මට සමාවෙන්න ජිමින්. මට වඩා හො........... "

" ඉන්න ජන්ග්මි...ඔයා එහෙම හිතනවනම් මේ ජිමින්ගේ හදවත ආයේ වෙන කෙනෙක්ට ආදරය කරන්නෑ කියලා මතක තියාගන්න."

" මං වගේ කෙනෙක්ව ඔයාට ගැලපෙන්නේ නෑ පොඩ්ඩක් තේරුම් ගන්න. ඔයාගේ වත්කම් එක්ක මගේ පුංචි පවුල පෑහෙන්නේ නෑ ජිමින්. "

" ජන්ග්මි මට මගේ පවුල වටිනවා තමයි. ඒත් එහෙමයි කියලා සල්ලි පස්සේ යන කෙනෙක් නෙමෙයි මං. සල්ලි, දේපල,බලය මේවා මොකටද? ආදරය....ආදරයයි ඕනෙ මට. මං ඔයාගෙන් වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ මැණික. මට ඒ දේ විතරක් දෙන්න පුළුවන් ද? "

❄Yet 2 Come❄ [Completed✔️]Where stories live. Discover now