Author's pov
ටේහියුන්ග් හිටියේ කලබල වෙලා. එයා බය වුණා කීපසැරයක්ම කෝල් කරත් යුන්හි ආන්ස්වර් නොකරපු එකට. ෆෝන් එක පිටිපස්සේ ෂීට් එකට විසිකරපු ටේ ඉක්මන් වුණේ යුන්හිගෙ ගෙදර යන්න. ඒත්...... නොසිතූ අයුරින් එකපාරටම පාලනයෙන් බැහැරව ධාවනය වූ මෝටර්රථයක කහ පැහැති ආලෝකයෙන් ඔහුගේ ඇස් නිලංකාර වෙද්දී ඔහුට තේරැණේ තමා විසික් වී යනවා විතරයි. වාසනාවකට ෂීට් බෙල්ටය ඔහුව තදින්ම අල්ලාගෙන සිටියා...........
.
.
.
.
.
.
එක තත්පරයක් ඇති ජීවිතයම වෙනස් වෙන්න. එකම එක නිමේශයකින් මුලු ජීවිතයම කනපිට හැරුනා වගේ.නෑ......ජීවිත ගාණක්ම.
හිසට දැනුණු තද බර ගතියත් එක්ක ටේහියුන්ග් හිමින් ඇස් ඇරියේ ඔලුව පිටිපස්සෙන් ලොකු වේදනාවක් දැනෙද්දී. වටේම පැතිරිලා තිබූ අදුර මකන්න ටේගේ කාර් එකේ නිවි නිවි පත්තු වෙන ලයිට් එක ලොකු උත්සාහයක් ගත්තා. ඔහු වාහනයෙන් බැස්සේ මොකක්ද වුනේ කියලා හරියටම තහවුරු කරගන්න. වාසනාවකට එයාට කිසිම හානියක් වෙලා තිබුණේ නෑ. ඒත්........එයාට මතක් වුනා කාර් එකක් හැප්පිලා විසික් වෙලා ගිය විදිහ.
පෙනෙන තෙක් මානයක කිසිම දෙයක් පේන්න තිබුණේ නැහැ. ටේහියුන්ග් ඉස්සරහට ටික දුරක් දුවන් ගියා. මනුස්සයෙකගේ හෙවනැල්ලක් වත් හොයා ගන්න පුලුවන් වුනේ නැහැ.
මෙච්චර රෑ වෙලා පාලු පාරක ටේහියුන්ග් මොනාද කරන්නේ ????
ටේ හිටියේ එයාගේ mansion එකට යන ගමන්. අහ් නෑ වැරදුනා. එයාගේ අප්පගේ mansion එකට. minjae කෝල් කරලා කියපු දේවල් නිසා ටේ හිටියේ සම්පූර්ණයෙන්ම අවුල් වෙලා. කොල්ලට බය හිතුනා යුන්හිට කරදරයක් වෙයි කියලා.
පල්ලමකට වැටිලා තිබුණු සුදු පාට කාර් එකක් එයා දැක්කේ අහම්බෙන් වගේ. අඩියෙන් අඩිය තියලා ටේ එතනට ලන් වුනේ හිතේ දෙගිඩියාවෙන්. කාර් එකක්මද කියලා අදුරගන්න බැරි තරමට ඒක කුඩුපට්ටම් වෙලා තිබුණේ. වීදුරු කෑලි සීසී කඩ. එයාට පුලුවන් වුනා අමාරුවෙන් හරි කාර් එකේ දොර ඇර ගන්න. ඩ්රයිවින් ෂීට් එකේ හිටියේ වයස අවුරුදු පනහක විතර පිරිමි කෙනෙක්. ඒකත් මූණේ ලේ පෙරා ගෙන. ටේහියුන්ගේ අත් වෙවුලුවා. දෙපාරක් නොහිතම ටේ ඒ මනුස්සයට ලං වුණේ ඔහු තාම හුස්ම ගන්නවද කියලා තහවුරු කරගන්න. වැඩක් නැහැ. ඒ වෙනකොටත් ඔහු මෙලොවින් සමු අරන් ඉවරයි. කොල්ලා දැක්කේ නෑ පිටිපස්සේ හිදපු ගෑනු කෙනාව. මොකක්ද කරන්න ඕනේ කියලා එයාට හිතාගන්න බැරි වුණේ තමන් අතින් මිනිහෙක් මැරුණා නේද කියලා හිත තදින්ම කියද්දී. කලබලය නිසා ඔහු පස්සෙයි දැක්කේ ගෑනු කෙනෙක් පිටිපස්සේ ෂීට් එක මත වැතිරිලා ඉන්නවා.
YOU ARE READING
❄Yet 2 Come❄ [Completed✔️]
Historical Fiction'ලෝකේ තියෙන හැම බැඳීමකටම තියෙනවද නමක්?' 'මේ බැඳීමට නමක් දෙන්න පුළුවන් ද?' 'නමක් නැති බැඳීමුත් මහ ගොඩක් මේ ලෝකේ ඕනතරම් තියෙනවා......' Started - 2022/06/19 ❄❄❄❄❄❄❄❄❄❄❄❄❄
![❄Yet 2 Come❄ [Completed✔️]](https://img.wattpad.com/cover/313918220-64-k509791.jpg)