ජනෙල් රෙදි අස්සෙන් ගලන් ආව හිරු එළිය යුන්හිගේ මූණට වැටෙනකොට කෙල්ල හිමීට ඇස් ඇරියේ එළියට ඇස් හුරු කරගන්න ගමන්. ඇස් දෙකත් පොඩි කරන ගමන් ඉස්සරහ බලපු යුන්හිට , එයාගේ මූණටම ලන්වෙලා චූටි බබෙක් වගේ නිදාගෙන ඉන්න ටේහියුන්ග්ව දැක්කම මූණේ හිනාවක් ඇදුණේ නිරායාසයෙන්මයි. ඊයේ ගත කරපු සුන්දර රාත්රියේ සාක්ෂි කෙල්ලගේ ඒ කිරි පාට හමේ දම් පාටින් සටහන් වෙලා තිබුණේ සිතුවමක් වගේ.
තව තවත් ඒ උණුහුම අස්සේ ගුලි වෙන්න කෙල්ලට ඕනේ වුණා. ටේගේ නිරුවත් පපුව උඩින් ඔලුව තියාගෙන යුන්හි ඒ තාලෙකට ගැහෙන හදවතේ රිද්මයට ඇහුම්කන් දීගෙන හිටියේ හරිම ආසාවෙන්. හැමදාම මෙහෙම ඉන්න තිබුණනම් කියලා ඒ හිතත් ලෝබ වුණා. ටේට ආයේ හෙටක් ගැන හිතන්න ඕනෙ වුණේ නැති වුණත් අස්ථීර මේ බැඳීමට අනාගතයක් තියෙනවද කියලා යුන්හිට හිතුණු වාර අනන්තයි. එයා හදවතින්ම සතුටු වුණා. ටේහියුන්ගෙම වුණ එක ගැන මුළු හිතින්ම කෙල්ල සතුටු වුණා. ඒ මතක ගොන්නකින් පිරුණු රාත්රිය මුළු ජීවිත කාලෙම යුන්හිව ජීවත් කරවන්න ඇති කියලා එයාට හිතුණා. අවිනිශ්චිත හෙටත් එක්ක තර්ක කරන්න යුන්හිට ඕනෙ වුණේ නෑ.'අද විඳපන්.පස්සේ විඳවපන්' එයා එහෙමයි හිතුවේ.
.
.
.
.
.
.යුන්හි කබඩ් එකෙන් රාමෙන් පැකට් දෙකක් එළියට අරගෙන ඒක කඩලා නටන වතුර එකට දාලා බලන් හිටියේ එයාටත් කවදාහරි මේ ඉරණමම අත් වෙනවා නේද කියලා හිතමින්. කවදාහරි මේ ගින්නෙන්ම පිච්චිලා යන්න වෙනවා කියලා කෙල්ලට මතක් වෙන වාරයක් පාසා පපුවට පිහියෙන් අනිනවා වගේ දැනුනත් තමනුත් ඒ ගින්නෙම කොටස් කාරියක් කියන එක කෙල්ලට මතක් වුණා. ඇස්වලටත් හොරෙන්ම උනපු කදුළු යුන්හිගේ මුණ දිගේ ගලන් ගියේ අවසරයකින් තොරවම.
දහසකුත් දේවල් කල්පනා කරමින් හිටපු කෙල්ල ගැස්සුණේ ඉන වටෙන් එතුන අත් දෙකක් එයාව තදින් වැලදගත්ත නිසා. කෙල්ල ඉක්මනින් කදුළු ටික පිහිදගත්තේ ටේ දකියි කියලා හිතලා. ටේහියුන්ග් යුන්හිව එයාගේ පැත්තට හරව ගත්තේ කෙල්ලගේ ඇග ගැස්සෙනවා කියවා දැනුණ නිසා. යුන්හිගේ පුංචිම වෙනසත් තේරෙන ටේට රතු වෙච්ච ඇස්වල කදුළු හංගන්න කෙල්ලට බැරි වුණා.
![](https://img.wattpad.com/cover/313918220-288-k509791.jpg)
YOU ARE READING
❄Yet 2 Come❄ [Completed✔️]
Historical Fiction'ලෝකේ තියෙන හැම බැඳීමකටම තියෙනවද නමක්?' 'මේ බැඳීමට නමක් දෙන්න පුළුවන් ද?' 'නමක් නැති බැඳීමුත් මහ ගොඩක් මේ ලෝකේ ඕනතරම් තියෙනවා......' Started - 2022/06/19 ❄❄❄❄❄❄❄❄❄❄❄❄❄