❄Chapter 12❄

96 11 10
                                        

Author's pov

" යුන්හි..... "

       ඒ කටහඩ.... ඒ ගැඹුරු කටහඬේ අයිතිකාරයා අඳුරගන්න යුන්හිට වැඩි වෙලාවක් ගියේ නෑ.

" ටේහියුන්ග් "

එයාටත් නොදැනීම ටේහියුන්ගේ නම තොල්වලින් මුමුනණකොට ටේ ලස්සන හිනාවකින් යුන්හිට සංග්‍රහ කලා. ටේහියුන්ග් මුකුත් නොකියා ඇවිත් යුන්හිගේ එහා පැත්තෙන් වාඩිවුණේ යුන්හි ඇස් දෙකත් බෝල කරගෙන ටේ දිහා බලන් ඉන්නකොට. ඒත් ටේ පොඩ්ඩක්වත් මහන්සි වුණේ නෑ යුන්හි දිහා බලන්න. නොපෙන්නුවට ටේගේ හිතත් කලබලයි. අද ආවේ යුන්හිගෙන් උත්තරක් බලාපොරොත්තුවෙන් වුණත් මොනවගේ ප්‍රතිචාරයක් යුන්හිගෙන් ලැබෙයිද කියලා ටේ හිටියේ බයෙන්.

දිගු නිහැඬියාවක්..........

යුන්හිට ඕනේ වුණෙත් නෑ මේ නිහඬ බව බිඳින්න.

මොකක්ද අහන්න ඕනෙ කියලා හිතාගන්න බැරිව ටේහියුන්ග්
ලත වෙනකොට දෙන්න ඕනේ උත්තරේ මොකක්ද කියලා යුන්හිට හිතාගන්න බැරිව හිටියේ.

යුන්හි හොදටම දැනන් හිටියා ටේ ආපු හේතුව.

No one pov

දෙන්නම ඉස්සරහින් ගලන ගඟ දිහා බලන් ඉන්නකොට ඒ නිහඬතාවය නැති කරලා දැම්මේ ටේහියුන්ග්.

" යුන්හි.... මොකක්ද ඔයාගේ උත්තරේ ම්ම් ? "
හේතුවක් දන්නේ නෑ යුන්හි ලග ඉන්නකොට මට දැනුණේ පුදුම නොසන්සුන්කමක්. අනේ මන්දා මං කවදාවත් කෙල්ලෙක් ඉස්සරහ මේ තරම් පැකිලිලා නෑ. කවදාවත් දැනිලා නෑ මේ හැඟීම.

" ඔයා මොකක් ගැනද අහන්නේ? "
මං දන්නවා එයා ඇහුවේ මොකක් ගැනද කියලා. ඒත් මං මොකක්ද දෙයියනේ කියන්නේ....මගේ හිතේ නොදැනුවත්වම එයා ගැන කැමැත්තක් ඇති වෙලා. ඒත්......හිත කියන්නෙම දැන් විඳපන් පස්සේ විඳවපන් කියලා.

" මං හිතනවා ඔයා ඒ ගැන දන්නවා කියලා "

' හ්ම්ම්.....මං දන්නවා ටේ. මං ඔයාට කැමතියි.' මෙහෙම කියන්න ඕනෙ වුණත් මං බය වුණා.

" මං ඒ ගැන තව හිතන්න ඕනේ. "

" ඒත්.....හරි එහෙනම් කවදද ඔයා උත්තරයක් දෙන්නේ ?"

❄Yet 2 Come❄ [Completed✔️]Where stories live. Discover now