❄Chapter 26❄

77 7 4
                                        

Author's pov

               වෙනදා වගේමයි.............. කාර්යබහුලත්වයෙන් පිරුණු සෝල් නගරය අදත් ඒ විදියමයි. වෙනසකට තිබුණේ පාර පුරා රටා මැවීමට සමත් වුණු මේපල් ගස් වෙනුවට තවත් අලුතෙන් ගොඩනැගිලි ඉදි වෙමින් පැවතුණු එක විතරයි.

     ඔහු හිටියේ බියර් කෑන් දෙක තුනක් වට කරන්. අකීකරුව මුහුණ මතට වැටුණු කොණ්ඩය ඔහුගේ ඇස්වල තිබුණු මලානික පෙනුම වසන් කිරීමට සමත් වුණා. ඔහුගේ කඩවසම් රූපය කාලය විසින් උරා බොමින් තිබුණේ.

" හියුන් දැන් ඇති නේද ? "

            ජන්කුක් ටේ දිහා බලන් හිටියේ අනුකම්පාවෙන්. ටේහියුන්ග් කට කොනින් හිනා වෙන ගමන් තවත් බියර් උගුරක් කටට ගත්තා.

" දැන්වත් ඕක නවත්....... "

                  ජන්කුක්ට ඉතුරු ටික සම්පූර්ණ කරගන්න ලැබුණේ නෑ . ඔවුන්ගේ අවදානය යොමු වුණේ දොර දෙසට.

" ආයිෂ්....... මේ වෙලාවේ කවුද ? "

        ටේහියුන්ග් ට ගානක්වත් නැහැ . ජන්කුක් තීරණය කරා ඇවිල්ලා ඉන්න අමුත්තා කවුද කියලා ගිහින් බලන්න.

පැමිණි සිටි තැනැත්තා අනවසරයෙන් ම mansion එකට ඇතුළු වුණේ ජන්කුක් ගල් ගැහිලා වගේ ටේ දෙසයි ඒ පුද්ගලයා දෙසයි මාරුවෙන් මාරුවට බලනකොට.

" Mr. Kim Taehyung ?"

         ඔහු ජන්කුක් දිහා සැකෙන් බලමින් ඇහුවේ ටේ හිස ඔසවා ඔහු දෙස බලද්දී.

" මන් තමයි "

        ටේහියුන්ග් හිටියේ මේ මොහොත අපේක්ෂාවෙන්.

" අම් මින් යුන්ගී. "

           පොලිස් නිල ඇදුමෙන් සැරසී සිටි ඔහුගෙන් දක්නට ලැබුණේ ඉතා මිත්‍රශීලී ස්වරූපයක්. ටේ සිහින් හිනාවකින් ඔහුට සංග්‍රහ කළා. හරියට මේ දෙය බලාපොරොත්තුවෙන් හිටියා වගේ. ජන්කුක් නම් හිටියේ ක්න්ෆියුස් වෙලා.

" මන් හිතන්නේ මිස්ටර් ටේහියුන්ග් දන්නවා මන් මොකටද ආවේ කියලා "

           ඇහිබැමක් ඔසවමින් ඔහු අසද්දී මුකුත් නොකියම ටේ ඉස්සරහට අත් දෙක දික් කරා.

❄Yet 2 Come❄ [Completed✔️]Where stories live. Discover now