❄Chapter 10❄

118 16 6
                                        


Jungmi's pov

         කෙල්ලෝ තුන් දෙනා ලෙක්චර් එක ඉවර වුණ ගමන්ම cafeteria එකට දුවගෙන ආවේ බඩේ පනුවෝ කෑම ඉල්ලලා strike කරන්න පටන් අරන් තිබුණ නිසා.

" අම්මේහ්..... ඉක්මනට වරෙන් යකූ ගාටන්නේ නැතුව මෙහෙම ගියොත් බඩගින්නෙම මැරිලා වැටෙයි." ( යුන්හි )

" මේකිට මොන යකෙක් වැහිලද... තෝ අද අනිත් පැත්තෙන් ද නැගිට්ටේ යු.....? " ( යුමී )

" ආහ් ආනියා......"

           මේ දකින්නේ හීනයක් නම් මං කැමතියි මේ හීනෙන් ඇහැරෙන්නේ නැතුව ඉන්න. අපේ පරණ යුන්හි ආයෙත් ඇවිල්ලා. හරියටම අවුරුදු දෙකක්... නේ.... අවුරුදු දෙකකට පස්සේ. කුමාවෝ යුන්හියා.
.
.
.

       අපි cafeteria එක ඇතුලට එනකොටම....

" දඩාන්💥... "

  'කවුද බොලේ මේ පොළොව බදන් ඉන්න හැන්ඩි කොල්ලා'

" යා....යා...... ඔය කටවහගනින්. චික් විතරක් ඔහොමත් කෙල හලනවද. ඒ අපේ ෆැකල්ටි එකේ අලුත් professor කෙනෙක් ගෑනියේ..." ( යුමී )

" ම්වෝ ? "

         ආයිශ්..... මගේ නම්බුව ලෙෆ්ට්. තව මාස ගානක් යනකන්ම ඕක අල්ලන් මාව බයිට් කරයි. ඕහ් කඩවලේ..... දැන් නම් වලක් කපාගෙන වැලලෙන්න හිතෙනෝ. එතකොට මෙයාද අපේ අලුත් lecturer. ඔමෝ..... '

" යා........ ජන්ග්මි ඔයා දන්නේ නෑ කියලා නම් කියන්න එපා." ( යුන්හි )

යකෝ එතකොට මං විතරයි දන්නේ නැත්තේ. මං නෑ කියන්න ඔලුව වැනුවේ භූමි වන්දනාවේ යෙදෙන කොල්ලා දිහා බලාගෙන.

" චින්චා? " ( යුමී )

ඒත්.....පොඩ්ඩක් ඉන්න ජන්ග්කුක් මොනවද එතන කරන්නේ? මුන් දෙන්නවත් ඇදගෙන මං එතනට යන්න හදනකොටම ඒ දෙන්නා අපේ පැත්තට ආවා.

" යා........ ජන්ග්මි මොකද ඔය ඇස් කටේ දාගෙන බලන් ඉන්නේ. කොල්ලා ලස්සනයි තමයි ඉතින්. ඔහොම බලන්න එපා සැජ්ජයිනේ. " ( ජන්ග්කුක් )

" අනේ මේ යනවා හලෝ. කවුද ඔයා දිහා බලන් හිටියේ කුක්කෝ..."

      මං එහෙම කියලා රවලා අහක බලාගත්තේ ඇස් කොනින් අරයා දිහා බලනගමන්. 

❄Yet 2 Come❄ [Completed✔️]Where stories live. Discover now