වෙනදා වගේම හදවතේ රිද්මය තාලෙකට ගැහෙමින් තිබුණා........
සිහින් සිනහවක් දෙතොල් අතරේ රැදිලා තිබුණේ ඉදිරියට නෙරා ඇවිත් තිබුණු කුසට සිහින් ස්පර්ෂයක් දැනෙද්දි......
යුන්හි හරි ආදරෙන් තම කුස පිරිමැද්දේ ඇය සමගම තනියෙම හිනාවෙමින්. වෙනදට පාලු මකමින් තිබුණු චෙරි මල් ගහේ එක මලක්වත් අද හුළගකටවත් වැටෙන්නේ නැති පාටයි......වැටෙන්නේ නැහැ නෙමෙයි...වෙනදට හෝ ගාලා ඇද හැලෙන චෙරි මල් වැස්ස අද නිහඩ වෙලා තියෙන්නේ මුලු ගහම හිස් බවකින් පුරවමින්......නෑ නෑ වැරදීමක් වෙලා වගේ....වසන්තය කාලය නෙමෙයි ඒ.....මන් හිතන්නේ ඒ නිසාම වෙන්න ඇති ඇයටත් ඒ ගැන නිනව්වක් නැත්තේ.........
පළවෙනි හිමපතනය..............
දන්නවද ?!
මුල්ම වතාවට හිම වැටෙනකොට අපි මොකක් හරි විශ් එකක් කළොත් ඒක හැබෑ වෙනවලු. ජෝසන් රජ කාලේ ඉදන්ම මිනිස්සු විශ්වාස කරන දෙයක් ඒක....රජතුමාට වුණත් සාමන්ය වැසියෙක් බොරු කිව්වත් එදාට සමාව ලැබෙනවලු......
මිත්යාවක් නම් තමයි...ඒත් සමහරු ඒ දේවල් තවමත් විශ්වාස කරනවා.!
" I swear....I hate you kim Taehyung "
ඇයි එහෙනම් තාමත් ඒ මූණේ හිනාවක් ???
"අහන්න.....අද මොන බොරුව කිව්වත් සමාව ලැබෙනවා"
යුන්හි තමන් එක්කම හිනාවෙනවා. ඇරත් කොහොමද එයා එච්චර අදරේ කරන ටේට වෛර කරන්නේ? ඉස්සරහට අත් දික් කරන් ඉදපු කෙල්ල හිම පියල්ලක් වැටෙනකල් බලන් ඉදියේ එයාගේ ප්රාර්ථනාවත් කරන්න හරි උනන්දුවෙන්. ලාවට සීතලක් අතට දැනෙනකොට යුන්හි අත් දෙක ළැමට ගුලි කරගත්තේ ඒ දිග ඇහි පිහාටු එකිනෙක ඇලවෙද්දී......
'ටේ.....ඔයා කොහෙද? පරිස්සමින් ඉන්නවා නේද? දන්නවද අපිට ඔයා නැතුව හුගක් පාලුයි. චූටි කිම් ඉක්මනට මගේ ළගට ඒවි. දවසක කෝ අප්පා කියලා අහයි. එදාට මන් දෙන්න ඕනේ උත්තරේ මොකද්ද ටේ? දැනෙනවද මේ දැනුත් එයා බඩට පයින් ගගහ දැන්ම ඉදන්ම ඔයාව හොයනවද කොහෙද.....'
හිනාවුණත් හරි ලස්සනට........පියැවිලා තිබුණු ඇස්වලින් ගලපු කදුලු කැට ඔප්පු කරා ඒ හිනාව අස්සේ හැන්ගලා තිබුණු වේදනාව කොච්චරක්ද කියලා.
YOU ARE READING
❄Yet 2 Come❄ [Completed✔️]
Historical Fiction'ලෝකේ තියෙන හැම බැඳීමකටම තියෙනවද නමක්?' 'මේ බැඳීමට නමක් දෙන්න පුළුවන් ද?' 'නමක් නැති බැඳීමුත් මහ ගොඩක් මේ ලෝකේ ඕනතරම් තියෙනවා......' Started - 2022/06/19 ❄❄❄❄❄❄❄❄❄❄❄❄❄
![❄Yet 2 Come❄ [Completed✔️]](https://img.wattpad.com/cover/313918220-64-k509791.jpg)