❄Chapter 20❄

55 6 0
                                    

          කුස මත අත තියාගෙන හරි ආදරෙන් තමන්ගේ දරුවට යුන්හි කතා කලේ තාම ඒ වැඩෙන්නේ මාස දෙකක්වත් සම්පූර්ණ නොවුණු කළලයක් කියලා අමතක කරල දාලා. කෙල්ල මේ ගෙවිච්ච මිනිත්තු කිහිපයට මහ ගොඩක් බලාපොරොත්තු එකතු කරගෙන. හැමදෙයක්ම හොදට හිතලා බලන යුන්හිට ඇයි අනාගතය ගැන නොහිතෙන්නේ? ඊටත් වඩා ඉදිරියට අහන්න වෙන අවලාද ඉවසන්න තරම් ඇය ශක්තිමත්ද?

" මගේ මැණික කුමාවෝ පණ අපි ළඟට ආවට. ආ...ආනි......මං ගාවට. ඔයා දන්නවද රත්තරන් අප්පා ගොඩක් ඔම්මට ආදරෙයි මගේ පැටියෝ. අප්පා හුඟක් සතුටු වේවි ඔයා ගැන දැන ගත්තොත්. ඒත් ඔම්මට සමාවෙන්න රත්තරන්. ඒ තරම් අපි පින් කරලා නෑ මැණික. ඔයත් කැමතියි නේද මගේ පැටියෝ අප්පා හැමදාම සතුටින් ඉන්නවට. ඒ නිසා අප්පට කවමදාකවත් වෛර කරන්න එපා. දවසක ඔයා මගෙන් අහයි කෝ මගේ අප්පා කියලා. ඒත් ඒකට උත්තරයක් මේ ඔම්මා ගාව නැති වෙයි මැණික. මියාන්හේ....... "

      ඇස් අගින් බේරිලා ආපු කදුළු බිංදුවක් හමාගෙන ආපු හුලඟත් එක්ක ගහගෙන ගියේ තවත් කදුළු උරුම නෑ කියලා පෙන්නලා දෙන්න. ඒත් යුන්හි ඒ තරම් වාසනාවන්ත නෑ. කදුළු කියන දේ එයාගේ ජීවිතේම එක කොටසක් වෙද්දී රිදෙන හිත සනසන්න මේ වෙලාවේ කවුරුත් එයා ලග හිටියේ නැහැ.

        වෙනදටනම් පිරිපුන්ව තිබුණු චෙරි බ්ලොසම් ගහ අද මලානික ඇයි කියලා හිතාගන්න අමාරුයි. හැබැයි මේ ගෙවෙන්නේ සරත් ඍතුව නෙමෙයි කියලා හොඳටම විශ්වාසයි. සමහර විට ඒ ගහටත් වසන්තය උදා වෙලා නැතුව ඇති.

" ඔයත් ඔම්මා වගේ දුර්වල කෙනෙක් වෙන්න එපා මගේ රත්තරන්. අප්පා......ඔව් ඔයාගේ අප්පා වගේ වෙන්න. මොන ප්‍රශ්නේ ආවත් හිනාවෙලා ඉන්න. නැත්නම් ඔයාටත් හැමදාම අඬ අඬ ඉන්න වේවි. "

      අහස දිහා බලාගෙන බඩට අත තියාගෙන මුමුණන ඒ දෙතොල් අතර පුංචි හිනාවක්. තවත් ඒ ගැඹුරු ඇස් දෙක එයාට අයිති නෑ කියලා දැනෙද්දී දරාගන්න අමාරු වුණත් තවත් ජීවිතයකට පණ දෙන්න කෙල්ල හිනාවෙලා ඉන්න ඕනේ නේද කියලා යුන්හිගේ හිත තදින්ම බලකරා.
.
.
.
.

ජීවිතේ සමහර වෙලාවට හිතේවී
අපි ආසම අය කැමතිම අය අපේ ලගින්ම හිටියනම්.....අපිත් එක්කම ආවනම් කියලා.......

❄Yet 2 Come❄ [Completed✔️]Where stories live. Discover now