❄Chapter 19❄

78 6 4
                                        

No one pov

නොයෙක් ජාතියේ මිල අධික මත්පැන් බෝතල් මුළු කාමරයම අයිතිකරගන්න හදනවා වගේ. ඊටත් වඩා ඒවා වලින් හමන සැර ගඳ අයිතිවාසිකම් කියන්න පොරකනවා.

සිහිය අසිහිය එක්ක යුද්ධෙක....

උඩු හිතත් යටි හිතත් එකම යුධපිටියක්.......

වියලිච්ච කදුළු පාරවල් තවම පාර පෙන්වනවා......

ඒත් ඒ හැමදේටම වඩා නවතින්න දඟ කරන හුස්ම පොදට තරවටු කරන පාටයි......

" ටේ දැන්වත් ඇති ඕක නවත්තපන් !"

" ජිමින් ආයෙත් කියන්නෑ අහකට පලයන්....."

" තමුසේ බේබද්දක් වගේ බිව්වා කියලා ප්‍රශ්න විසදෙන්නේ නෑ ටේහියුන්ග්!!!"

ඒ වචනවල දැඩි බව නිසා මේ පාර ටේහියුනුග්ත් ගැස්සුනා මං හිතන්නේ.

" මට තනියෙම ඉන්න ඕනේ "

" හියුන්ග්....දැන් ඇති. හොදටම ඇති. ඉවසුවා ඉවසුවා..... බබෙක් වෙන්න එපා. ඔයා හොඳටම දන්නවා යුන්හි ගැන. "

මෙච්චර වෙලා මේ හැමදේම දිහා හිස් හැඟීමකින් බලන් හිටපු ජන්ග්කුක් ඉවසීමේ අන්තෙටම ආපු නිසාද කොහෙද වචන පේළියකට එලියට එන්න අවසර දුන්නේ.

ටේහියුන්ගේ මූණේ හිනාවක්?

සමච්චලේට වගේ. ජන්ග්කුක්ට ද ?

නෑ. ඒ හිනාවට වග කිව යුත්තා එයාම පාටයි.

" ඇස්වලින් දකින දේවල් බොරු කියලා පිලිගන්න ද කියන්නේ? "

ටේ කියන්නේ මොනවා ගැනද කියලා හිතාගන්න පුළුවන් ද? ජිමින්ගෙන් ඇහුවනම් කියාවි සමහරක් විට.

ඒත් ඒකට පිලිතුරු ටේහියුනග් ලගම තිබුණා. හැබැයි හොයාගන්න ටිකක් මහන්සි වෙන්න වෙයි වගේ. මොකද ටයිල් එක පුරා හැමතැනම කෑලි කෑලි ඉරිලා ගිහින්.

දෙන්නෙක්ගේ රූප දෙකක් ඒ විදියට වෙන් වෙලා තියෙන්නේ.

එකින් එක අරන් එකතු කලොත් ඒ යුන්හි කියලා අඳුරගන්න බැරි කමක් නෑ. ඒත් අනිත් කෙනා.....

ටේහියුනග්?????

නෑ. හොදටම පේන්න තිබුණා ටේහියුන්ගේ අප්පා ඒ ජායා පිටපත් ටික ටේගේ අතටම බාර දෙනකොට ටේහියුන්ගේ තැන වෙන කෙනෙක් අරන් තිබුණු වග.

❄Yet 2 Come❄ [Completed✔️]Where stories live. Discover now