41

1.2K 259 39
                                    

මාසයක් ගෙවුනා. ඒත් ඒ මාස දෙක ටේකුක් දෙන්නට හිතපු තරම් සුන්දර වුනේ නෑ.

"සොරි ටේ. ජන්ග්කුක්ගේ අතෙයි වැඩේ තියන්නෙ එයා දිගටම මෙහෙම ස්ට්‍රෙස් උනොත් මට බබා ගැන හරියටම කියන්න බෑ. බබා කික් කරන්නෙ නැත්තෙත් බබා බයවෙලා නිසා. ඔම්මා කරන හැම ක්‍රියාවක්ම බබාටත් බලපානවා. ජන්ග්කුක් බය වෙලා නිසයි බබත් බය වෙලා තියෙන්නෙ. ඉක්මනට මේකට විසඳුමක් හොයන්න ටේ. දැනට එයාට එයාගෙ බෙහෙත් ගානට වෙලාවට දෙන්න." දුකින් බිම බලන් ජින් කිව්වේ ජන්ග්කුක් හිටපු කාමරෙන් එළියට ආපු හැටියෙමයි. ටේහ්‍යුන්ගේ හදවත මොහොතකට නැවතුනා. එයාට පුලුවන් වුනේ යන්තම් හිස වනන්න විතරයි. එයාගෙ පිටට තට්ටු කරලා ජින් එතනින් ගියා.

හිමින් කාමරයට අඩිය තිබ්බ ටේහ්‍යුන් දැක්කා ජන්ග්කුක් නිදන් ඉන්න විදිහ. ජන්ග්කුක් ඉන්නෙ ගොඩක් අපහසුවෙන් කියලා ටේහ්‍යුන්ට තේරුනේ ජන්ග්කුක්ගේ නළල රැළිවෙලා තිබුනු නිසා. කඳුලු පාලනය කරගන්න යටි තොල හපාගත්ත ටේහ්‍යුන් ජන්ග්කුක් ගාවට ගිහින් ඇඳෙන් වාඩි වුනා.

ඇඳෙන් ඇළවුනු ටේහ්‍යුන් පරිස්සමින් ජන්ග්කුක්ව එයාට තුරුල් කරගත්තේ දැන් ටිකක් ලොකු වෙලා ඉන්න ඒ දෙන්නගෙ චූටි මැණිකට රිදෙන්නෙ නැති වෙන්න.

ටේහ්‍යුන්ගේ ඇස් වලින් නොදැනීම කඳුලු ගැලුවා. ජන්ග්කුක්ට ස්ට්‍රෙස් වෙන්න එපා කිව්වට ටේහ්‍යුන් ඉන්නෙත් ස්ට්‍රෙස් වෙලා. එයාගෙ දරුවව ඩාකන්ගෙන් ආරක්ෂා කරන්නෙ කොහොමද කියන එක ගැන දිවා රෑ නොබලා එයා කල්පනා කරා. ආරක්ෂකයො හතර දෙනාත් කිම් මන්දිරයේම නැවතිලා හිටියේ ජන්ග්කුක්ගේ ආරක්ෂාවට. එයාලා පුලුවන් තරම් ආරක්ෂාව තහවුරුයි කියලා ජන්ග්කුක්ට පෙන්නන්න උත්සාහ කලත් හැමෝගෙම හිතේ තිබුනේ ඉදිරියේ මොකක් වෙයිද කියන බය. ඉතින් දරුවෙක් ලැබෙන්න ඉන්න ජන්ග්කුක් ස්ට්‍රෙස් නොවී ඉඳීද.

ජන්ග්කුක්ට මනස සැහැල්ලුවෙන් නිදාගන්න ටේහ්‍යුන් එයාගෙ ගැඹුරු හඬින් හැමදාම රෑට සිංදු මිමිණුවා. කොහොම වුනත් ඒක වැඩ කලා. දැන් හැමෝම බලන් හිටියේ චූටි බබා කික් කරනකන්. දැන් මාස පහක් උනත් බබාගෙන් කිසිම ප්‍රතිචාරයක් චලනයක් නෑ. තිබුනු ප්‍රශ්න මදිවට ජන්ග්කුක් ඒකෙන් තවත් ස්ට්‍රෙස් වුනා.

The main power 💙❤️ ||  (Complete)Where stories live. Discover now