" පව්කාරයෝ !! මේක කරුමයක්... උඹල කිසි කමකට නැහැ"
අසිහියෙන් හිටපු තාත්තගෙ පිහි තුඩු වගේ වචන කෙළින්ම ඉලක්ක කරේ මගේ හිත...මං දන්නවා මගේ අම්මගෙ වගේම මල්ලිගේ හිතත් මගෙ වගේම තුවාල වෙලා ඇති...
● යේෂිණී රත්නායක.
● ප්රථම ස්ථානය
● 13 වාණිජ
ගෙදර ඇතුළෙ දුවන පීඩාකාරී ශබ්ද අස්සෙ මගෙ සතුට කඳුලු වලින්ම පෙඟිල ගියා...ආයාසයෙන් මැඩ ගත්ත වේදනාකාරී හැඟීම් ඔක්කොම නිරායාසයෙන්ම ඉකියක් වෙලා පිට වෙද්දි ඉබේටම වගේ කාමරේ තිබුණ බිත්තිය දිහා බැලුණා...එතන ඉඳලා මගෙ හැම කඳුලක්ම බලන් හිටපු යාලුවො හත් දෙනෙක් හිටියා....ඒ පින්තුරය උඩින් ලියලා තිබුණ වචන තුනට හැමදාම මගෙ හිත ශක්තිමත් කරන්න පුලුවන් වුණා...
" We are bulletproof "
" ඔව් , I'm bulletproof " කියල මටම මුමුණ ගත්ත මං කඳුලු ත් පිහදාගෙන ලොකු හුස්මක් පහළට දැම්මෙ පාඩම් කරන්න හිත හදාගෙන..කොයි තරම් බාධා ආවත් මගෙ හීනෙට මං යන්නම ඕනි...Exam පාස් වෙලා හොඳ Campus එකකට ගිහින් කථිකාචාර්යවරියක් වෙන්නම ඕනි...ඔව් ඒක තමයි මගෙ හීනෙ....
කරදර මැද්දෙ පාඩම් කරපු මම කොහොම හරි Exam එකට මුහුණ දුන්නා...හොඳ ප්රථිපලයක් ලැබෙයි කියන විශ්වාසෙ හිතේ තිබුණ නිසාම මම තීරණය කරා ප්රථිපල ලැබෙන කල් රස්සාවක් කරල කීයක් හරි ඉතිරි කර ගන්න...මම තෝරා ගත්තෙ නගරෙට ළං වෙන් තිබුණ Coffee shop එකක වේටර් job එකක්...ඒක විදේශිකයන් අතර තරමක් ප්රසිද්ධ coffee shop එකක් වුණ නිසා කාර්යබහුල වුණත් මම සතුටින් වැඩ කළා...මගෙත් එක්ක ගොඩක් අය හිතවත් වුණා...
එදත් ලස්සන දවසක්. මම පුරුදු විදිහටම cafe එකේ හිටියේ....ගොඩක් Customers ලා නැති නිසා මම පාඩුවේ සිංදුවක් අහන් හිටියා...
" යේෂි Table number 7 ට මේ Coffee තුන ගිහින් දෙන්නකෝ...Korean Customer ලා තුන් දෙනෙක්..."
Shop එකේ මාත් එක්ක වැඩ කරන අක්කි කෙනෙක් මට කතා කරල එහෙම කිව්වා...ඉතින් මම Apron එකත් හදාගෙන coffie tray එකත් අරගෙන Table එක ගාවට ගියා...
" Annyeonhaseyo Sir..This is your oder "
එයාලා කලුපාට Bucket hat , mask දාගෙන හිටිය නිසා මුහුණු පෙනුනෙ නැහැ...ඒත් මට ඇස් වලින් පෙනුණා එයාලා සුහදශීලීව හිනාවුණා කියලා...
"Oh ! Thank you miss !"
එක තරුණයෙක් කීවා... කටහඬ හුරු පුරුදුයි වගේ දැනුණත් මම ඒක අමතක කරලා එතනින් අයින් වුණේ මගේ හිතට දැනුණ ඒ කටහඬේ අයිතිකාරයා මේ වගේ තැනකට එන්නෙ නැහැ කියල දන්න නිසා...
" යේෂී නංඟෝ , මෙන්න මේ බල්බ් එක මාරු කරන්නකෝ..අර ඉස්සරහ දොර ගාව තියන එක..ඔයාට පුලුවන් නේද ? පුටුවක් තියලා පරිස්සමට නඟින්න..හරිද " අයිතිකාර අක්කිගෙන් මට තවත් oder එකක්...🙊
YOU ARE READING
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]
Fanfictionනුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18 # world : # 191out of 38 k stories ( When end day of story ) don't copy 😊