" Miss ඔයාගෙ Iced americano එක..."
මම ලැප්ටොප් එකෙන් ඇස් අහකට ගත්තෙ waiter ගෙ කටහඬ ඇහුණ නිසා...
මම නිතරම මේ Study cafe එකට එනවා...කොරියාවෙ මේ වගේ cafe ගොඩක් තියනවා....High school students ලා , Uni Students ල වගේම වැඩ කරන අය අතර මේ cafe ප්‍රසිද්ධයි...Coffee එකක් බොන ගමන් නිදහසේ අපේ වැඩක් කරගන්න පුලුවන්...කාගෙන්වත් ලොකු කරදරයක් නැහැ...
අද සෙමිත් ආවෙ නැහැ...එයාගෙ ඔම්මා අසනීපෙන්...ඉතින් අද මම තනියම....
මම ආසම වැඩක් තමයි Americano එකක් බොන ගමන් යන එන මිනිස්සු දිහා බලන් ඉන්න එක...එක එක විදිහෙ මිනිස්සු , සමහරු කලබලෙන් දුවනවා , සමහරු නිදහසේ ඇවිදිනවා...සමහරු මට හිනා වෙලා ආචාර කරනවා...
මම එයාල දිහා බලන් ගොඩක් දේවල් කල්පනා කළා...ඒ අතරෙ Cafe එකට ආවෙ මැදි වයසෙ ලස්සන ගෑනු කෙනෙක්...එයාගෙ අතේ එල්ලිලා හිටියෙ බෝනික්කියක් වගේ ගෑනු ළමයෙක්...
" ඔම්මා !!! ඔම්මා !! මට අර වගේ කේක් එකක් ඕනි "
ඒ දරුවා එයාගෙ අම්මට පෙන්නුවේ වෙල්වට් කේක් එකක්...මට මතක් වුණේ මගෙ අම්මව...
එක දවසක්... 💭💭💭💭💭💭💭💭💭💭
" අම්මා !! වෙල්වට් කේක් තියනවා..එකක් ගමුද ? රස ඇති " Super market එකේ තිබුණ කේක් එකක් දැකල මම අම්මට කිව්වා...
" දැන් පැණි රස ජාති කොච්චරක් ගත්තද යේෂී !! ඒව ඇති...ඊළඟ දවසෙ ගමු "
අම්මා එහෙම කිව්ව නිසා මම කේක් ගන්න අදහස අතැරියා...
ඊළඟ දවසෙ කේක් ගන්න බලාගෙනම ගියත් වෙල්වට් කේක් ඉවර වෙලා...
" දැන් Result එන්නත් ළඟයිනෙ ! 3 A තිබ්බොත් මම ඔයාට වෙල්වට් කේක් එකක් හදල දෙනවා " එදා අම්මා කිව්වෙ එහෙම..
💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭
YOU ARE READING
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]
Fanfictionනුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18 # world : # 191out of 38 k stories ( When end day of story ) don't copy 😊