අම්මගෙ අවසාන කටයුතු හැමදේම ඉවර වුණා....ටිපර් එකේ Driver ට මාස 6 ක් රිමාන්ඩ් එකට යන්න වුණා....එයා මගෙන් සමාව ඉල්ලුවා...මට ඒ uncle එක්ක තරහක් නැහැ...
තාත්තා ගොඩක් වෙනස් වුණා...ඔව් ! එයා එයාගෙ වැරදි හදා ගත්තා..ඒත් මම එයා එක්ක එක වචනයක් වත් කතා කළේ නැහැ...මට එයාව දකිද්දි මතක් වුණේ මගේ අම්මා අඬනවා....ඒ නිසා මම නිතරම තාත්තව මඟ හරින්නඋත්සහ කළා...මල්ලිත් දැන් අම්මා නැතිව ඉන්න හුරුවෙලා...එයා තාත්තට ගොඩක් ළං වුණා....
තාත්තා , අම්මා නැති අඩුව පුරවන්න ගොඩක් උත්සහ කරනවා කියල මට දැනුණා...මම කාමරේට වෙලා කල්පනා කරේ මගේ අනාගතේ ගැන...අම්මගෙ මතක එක්ක මට හිත හදාගන්න ගොඩක් අමාරු වුණා...අනික මට ඕනි වුණා තාත්තගෙන් ඈත් වෙන්න...තාත්තා මල්ලිව හොඳින් බලා ගන්න නිසා මම තීරණය කළා පිටරටකට යන්න...මගේ අරමුණ වුණේ දකුණු කොරියාව....ඔව් ! ඔව් ! ඒ රටට යන එක පුංචි කාලෙ ඉඳන්ම මගේ හීනයක්....
මම කොරියාවෙ හොඳම විශ්ව විද්‍යාල කීපයකට වගේම Scholarship කීපයකටත් අයදුම්පත් දැම්මා...මට Chance එකක් ලැබුණේ නැත්තං මෙහෙ ඉඳලා කරන්නෙ මොනවද කියන එක ගැනත් Plan B එකක් හදා ගත්තා...මට Plan එකකට වැඩ පුරුද්ද ආවෙ ඉතින් Hobi ඔප්පගෙන්....😎😎
මම කාමරෙන් ඔලුව එළියට දාලා බැලුවෙ තාත්තා කොහෙද කියල...මට මගේ තීරණේ එයාට කියන්න ඕනි වුණා...එයා ඒකට කැමති වුණත් නැතත් මම තීරණේ වෙනස් නොකරන එක වෙනම කතාවක්....
තාත්තා Kitchen එකට වෙලා මල්ලි ආසම විදිහට නයිමිරිස් දාලා Omlet එකක් හදනවා...
මම " ක්‍රීස් " සද්දෙ එන්නම පුටුවක් වේගෙන් ඇදල වාඩි වුණේ එයාගෙ අවධානය ගන්න...තාත්තා මං දිහා බලලා ආපහු එයාගෙ වැඩේ කරන්න ගත්තා...
"තාත්තා "
👨" ම්ම්ම්.."
" මම Dicide කළා මෙහෙ Uni එකකට යන්නෙ නැතිව Abroad වෙන්න ..South Korea වලට යන්න තමයි හිතුවෙ... "
මම ඒක කියපු ගමන් තාත්තා මං දිහා බැලුවෙ හැන්දත් බිමට දාලා...
👨" South korea ? "
" ඔව්...මම දැනටමත් Fully funded Scholarship කීපෙකට Apply කරල ඉන්නෙ...මම තවත් අවාසනාවන්ත නැතිනම් මට Chance එකක් හම්බෙයි....මම කොහොමත් යනවා තාත්තා.... මට තව මෙහෙ ඉන්න බැහැ..."
YOU ARE READING
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]
Fanfictionනුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18 # world : # 191out of 38 k stories ( When end day of story ) don't copy 😊