Chapter 10 ❤ : First day @ Konkuk

385 54 12
                                    

Jin ඔප්පා කණ්ණාඩිය ඉස්සරහට වෙලා ඇඳගෙන හිටපු නිල් පාට කමිසයේ කොලර් එක හැදුවේ එයාගෙම සිංදුවක කොටසක් මුමුණන ගමන්....

කාමරේ ඇඳ අස්සෙන් ඇහුණ සද්දෙට සිංදුව මුමුණන එක නතර කරපු ඔප්පා , නැවිලා ඇඳ යට බලපුවම එතන හිටියෙ වෙන කවුරුත් නෙවෙයි Yeontan පැටියා....

" Tannie පැටියෝ... ඔයාගෙ මහ ලොකු Tae hyeong අන්න ඔයාට noona කෙනෙක් හොයාගෙන....මං අද මේ එයාව හොයන්න තමයි යන්නෙ..."
Jin ඔප්පා Tannie වත් වඩා ගෙන හුරතල් විදිහට Tannie එක්ක කතා කර කරම living room එකට යන පඩිපෙළ බැස්සා...

Tae : oooh !!! කොහොද කොල්ලො ඔයා හිටියෙ...?

Tae ඇවිත් Jin ඔප්පගෙ අතින් Tannie පැටියව අතට ගත්තා...

Jin : මගෙ Room එකේ ඇඳ යට හිටියේ...දොර ඇරලා තිබ්බ නිසා එන්න ඇති...

Tae : Eo eo !! අද ඔම්මා ආවම මෙයාව එහෙ එක්ක යන්න කියනවා...මටත් වැඩ නිසා මේ දඟයව බලා ගන්න බැහැ....මේ Hyeong !!! යේෂිව අඳුරගන්න පුලුවන් වෙයි නේද ඔයාට...ඔයා එදා ෆොටෝ එක දැක්කනෙ ?

Jin : Yaaa !!! මේ World Wide Handsome කොල්ල Jin , කොහෙන් හරි ඔයාගෙ කෙල්ලව හොයන් එන්නම්කෝ ....

( Jin ඔප්පගෙ Confident level එක ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ Guys !!!)

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

අද තමා මම Uni එකට යන පළවෙනිම දවස...ඊයෙ රෑ නින්ද ගියෙත් නැත්තෙ අද දවස ගැන හිත හිතා හිටපු නිසාමයි....

මම උදෙන්ම නැගිටලා සැරම සැර Ramen එකකුත් හදා ගෙන කෑවා...
දණිස්ස ගාවට දිග නිල් පාට Frock එකක් ඇඳපු මම කොණ්ඩෙ Pony tail එකක් දාගෙන අතට white colour watch එකක් දාගත්තා...

කණ්ණාඩිය ඉස්සරට ගිහින් වටයක් දෙකක් කැරකිලා බැලුවෙ අඩුපාඩුවක් තියනවද කියලා...අද නිකන් සුරංගනාවියක් වගේ යන්න එපැයි නේ ?...😆😆😆😆

ගෙදර ළඟ ඉඳන් Uni එකට පයින් යන දුර නිසා මම Uni එකට යන පාර දිගේ පාඩුවේ ඉස්සරට ඇවිදගෙන ගියා....

එකපාරටම කවුදෝ ඇවිත් මගේ පිටිපස්සෙ වැදුණ පාර මම නතර වුණේ කොරියානු පොළොව සිප ගෙන...මගේ කටෙත් එක්ක වැලි...😠😠😠😠

Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]Where stories live. Discover now