Tae එයා ගාවින් වාඩි වුණ ගමන් Jiminssi නැගිටලා යන්න ගියා...
ඒකට නම් Tae ට ගොඩක් දුක හිතුණා...Tae : Yaaaaah !! Jiminaa ඔයාට මොකද වෙලා තියෙන්නෙ ? ඇයි මාත් එක්ක වෙනද වගේ කතා කරන්නෙ නැත්තෙ ?
Tae කෑ ගැහුව නිසා Practice room එකේ හිටපු හැමෝම එයා දිහා බැලුවා...
Jimin : ඔව් , අදින් පස්සෙ මම ඉන්නෙ මෙහෙම තමයි..ඔයා මගේ Soulmate / Best friend නේද ???? Soulmate ලා අනිත් කෙනාගෙන් තමන්ගෙ ප්‍රශ්න හංඟනවද ? කියන්න Kim Taehyung ? අපි එකටනෙ හැම ප්‍රශ්නයකටම මූණ දුන්නෙ...මේ ළඟකදි ඉඳලා ඔයාට මොකද වුණේ... ????
Jimin උත්තර දුන්නෙත් කෑ ගහල...
Tae : Jiminaa එහෙම දෙයක් නැහැ...මම ....
Tae කියල ඉවර කරන්නත් කලින් Jiminssi practice room එකෙන් එළියට ගියේ දුකින් වගේම තරහින්....එයාට ඇඬෙන්න ඔන්න මෙන්න...
Tae ත් එහෙමම බිම ඉඳගෙන මූණ අත් දෙකින්ම වහගත්තෙ ගොඩක් දුකින්...
"Jin hyeong , ඔයයි Hobi යි Jiminaa ගාවට ගිහින් බලන්න..අපි Tae ත් එක්ක කතා කරන්නම්" Namjoon ඔප්පා එහෙම කියල Tae ගාවින් වාඩි වුණා...
" Tae මේ බලන්නකො...Upset වෙන්න එපා..Best friends ලා වුණාම කොහොමත් ඔහොම වෙනවා...නොකීවට මටත් දැනුණා ඔයා මේ දවස්වල මොකක් හරි ගැන හිතනවා කියලා..අපි එක Boy band එකක Members ලා 7 ක් වෙන්න පුලුවන්...ඒත් Tae අපි එක පවුලක්...
Jin hyeong , Hobi hyeong , Yoongi hyeong , මම........
අපි තමයි ඔයා , JK , Jimin ලොකු මහත් කරේ දැන් අවුරුදු ගාණක්...ඔයාල අපි එක්ක තමයි ජීවිතේ පාඩම් ඉගෙන ගත්තෙ....ඉතින් අපිට හංඟන්න තරම් ප්‍රශ්නයක් ඔයාට තියෙන්න බැහැ මල්ලි... Jiminට දුක හිතෙන්න ඇත්තෙ එයා ඔයාගෙ හොඳම යාලුවා නිසා...ඔයා මේ දවස්වල හිතන දේ අපි හැමෝටම කියන්න ඕනි ...ඔයාට හොඳක් වෙන දෙයක් නම් අපි හය දෙනා ඔයා එක්ක ඉන්නවා...අපිව විශ්වාසයි නේද ? "
Namjoon ඔප්පා Tae ට හැමදේම තේරුම් කරල දුන්නා......
Tae : " ඔව් hyeong මට ඔයාලව විශ්වාසයි "
Tae එහෙම කීවෙ Namjoon hyeong ව hug කරගෙන...
එතකොටම Jin ඔප්පා , Hobi ඔප්පා Jiminssiව එක්කන් practice room එකට ආවා...
" හරි කට්ටියම Dorm එකට යමු අපිට අද වැදගත් දෙයක් කතා කරන්න තියනවා " Namjoon ඔප්පා කීව නිසා හැමෝම Bags අරන් Van එකට නැග්ගා....
YOU ARE READING
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]
Fanfictionනුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18 # world : # 191out of 38 k stories ( When end day of story ) don't copy 😊