ගෙවුණු දවස් කීපයේ V ගෙ manager කෙනෙක් හැටියටත් Uni student කෙනෙක් හැටියටත් මම ගොඩක් කාර්යබහුල වුණා....
ගෙදරින් Hybe එකට , එතනින් Uni එකට , ආයෙ ගෙදරට යන්න එන්න සිද්ධ වුණා...ඒක කාලෙ නාස්ති කිරීමක් වගේම අමතර වෙහෙසක් වුණා...ඒ නිසා company එක තීරණය කළා BTS නේවාසිකාගාරයට අල්ලලා තියන House එකක් මට දෙන්න...
ඉතින් මම විද්‍යාරත්න Uncle ට වගේම සෙමියටත් කියල ගෙදරින් Dorm එකට මාරු වුණා..සෙමි එක්ක ඉන්න තියන කාලෙ අඩු වුණත් එයා මට හැමවිදිහකින්ම උදව් කළා...විශේෂයෙන්ම Uni එකේ Assignment complete කරන්න....
මුල් දවස් ටිකේ මට මේ Busy life එක එපා වුණත් ටික ටික මම ඒකට හුරු වුණා...මට හැමෝම වගේ උදව් වුණා job එක හරියට කරන්න...PD nim වගේම Taehyung ඔප්පත් මාත් එක්ක වැඩ කරන්න ආස වුණා කියල මට දැනුණා...
Dorm එකේ ජීවිතේට මම ගොඩක් ආස වුණා...ඔප්පල හත් දෙනාම මං ගැන හොයල බැලුවා...Jungkooky ඔප්පා ඉඩක් ලැබුණම Dorm එකේ මගේ පැත්තට ආවෙ Bam එක්ක...අපි දෙන්නා නිතරම Table Tennis සෙල්ලම් කරන්න වගේම Computer Game සෙල්ලම් කරන්නත් පුරුදු වෙලා හිටියා...
Namjoon ඔප්පා එක්ක පොත් මාරු කර ගන්න....Jin ඔප්පා එක්ක උයන්න...Jimin ඔප්පා එක්ක බොරුවටත් එක්ක රණ්ඩු වෙන්න...Hobi ඔප්පාගෙ Dance practice දිහා බලන් ඉන්න...Suga ඔප්ප එක්ක සිංදු කියන්න , ලියන්න...Tae ඔප්පා එක්ක scenery වල Photos ගහන්න යන්න මම ගොඩක් ආස කළා.....
සෙමිත් ඉඳලා හිටලා මගේ Dorm එකට එන නිසා එයා එක්කත් ඔප්පල හිතවත් වුණා....
සෙමී ඇරෙන්න වෙන කවුරුවත් මම වැස්සට බයයි කියල තාම දැනගෙන හිටියෙ නැහැ....මගේ ජීවිතේ ප්‍රශ්න ඔප්පල 7 දෙනාට ඇත්තටම කියන්න මම කැමති වුණේ නැහැ....මොකද එයාල ගත කරන්නෙ කාර්යබහුල ජීවිතයක් නිසා...අද Taehyung ඔප්පාගෙ අලුත් Solo එකේ MV එකට අඳින Costum Check කරන්න යන දවස....මම room එකේ කණ්ණාඩිය ඉස්සරහට වෙලා කොණ්ඩෙ පීර පීර හිටියෙ...mirror එකෙන් මට පෙනුණෙ ඉස්සරහ wall එකේ එල්ලලා තිබ්බ Lee Taehyun ගේ ලේන්සුව.....
මම ඒ ලේන්සුව Photo frame එකකට දා ගත්තෙ ඒක පරිස්සම් කරන්න ඕනි වුණ නිසා...
මම ලෑස්තිවෙලා ඉවර වෙනවත් එක්කම ඇහුණේ Bell එක Ring වෙනවා...
" යේෂී !!! මේ මම...ඔයා Ready වෙලා ඉවරද ? " පහළින් ඇහුණේ Tae ඔප්පගෙ කටහඬ....
YOU ARE READING
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]
Fanfictionනුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18 # world : # 191out of 38 k stories ( When end day of story ) don't copy 😊