එළියෙන් වාහනයක සද්දයක් ඇහුණ නිසා මම බෑග් එකත් අරගෙන දොරත් ලොක් කරල පාරට ආවා...
කියපු විදිහටම Bighit එකෙන් මට කැබ් එකක් එවල තිබුණා..." Miss Yeshini !! අපි යමු නේද ? "
Driver uncle ඇහුවා..." Eo !! අපි යමු "
මම එයාට සුහදශීලීව හිනා වෙන ගමන්ම කැබ් එකට නැග්ගා...Bighit එකට යන අතරමගදී Driver Uncle එක්ක මම හිතවත් වුණා...අපි දෙන්න කතා කර කර තමයි ගමන ආවෙ...
Hybe එකට ආවම මම කැබ් එකෙන් බැස්සෙ එයාට ස්තූති කරලා...
අහස උසට තිබුණ ගොඩනැගිල්ල ඉස්සරහ ලොකු අකුරෙන් ලියල තිබුණ HYBE කියන වචනෙ දිහා මං බලන් හිටියා...
එතකොටම එතනට ආවෙ පිරිමි කෙනෙක්...staff member කෙනෙක් වෙන්න ඕනි
👦" Annyeohasbnikka !! Miss Yeshini ? "
" Annyeonghseyo !! Eo මම යේෂිණී තමයි "
👦" Manager Chongyee ඔයා එනකල් බලන් ඉන්නවා...මාත් එක්ක එන්නකො..."
මමත් ඉතින් එයා පිටිපස්සෙන් ගියේ වටපිට බල බල.....
දුඹුරු පාට සිවිලිමට අළු පාට බිත්ති සහ පොළවක් තිබුණ නවීන පන්නයේ පිවිසුම් කාමරයෙන් මට ආවෙ නැවුම් සුවඳක්...
තැනින් තැන සවි කරල තිබුණ වීදුරු වලින් මම මාව දැක්කා...Staff member පිටිපස්සෙන් යන ගමන් මම මගේ රූපෙ දිහා බලන්නත් අමතක කළේ නැහැ ඉතින්....
නිල් පාට Top එකකට දුඹුරු පාට tight skirt එකක් ඇඳලා හිටපු මට මාව ලස්සනට පෙනුණා...🙊
ටික දුරක් ගියාට පස්සෙ Staff member නතර වුණේ කාර්යාල කාමරයක් ඉස්සරහ....එයා මට ඉඟිකළේ ඇතුළට යන්න කියලා...
මම එයාට ආචාර කරල office එක ඇතුළට ගියා...
👧" Annyeonghseyo !! යේෂී !!!! Welcome to the family !!! "
Chongyee Unni මාව පිළිගත්තෙ Hug එකකුත් දීලා...
YOU ARE READING
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]
Fanfictionනුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18 # world : # 191out of 38 k stories ( When end day of story ) don't copy 😊