" යේෂි !!!! යේෂි !!! නැගිටින්න ළමයෝ...Coffee shop එකට යන්නෙ නැතිද අද ? වෙලාව 8 ත් පහුවෙලා.."
මගේ පශ්චාත් භාගෙටත් එකක් ගහන ගමන් ඒ කෑ ගැහුවෙ මගේ අම්මා...
" අයියෝ අම්මා !!!! තව ටිකක්.........ඈ !! වෙලාව 8 යිද ??? "
මම ක්ෂණික නැගිට්ටෙ වෙලාව 8 යි කියන්නෙ සෑහෙන්න පරක්කු වෙලා නිසා....
නැගිටලා ඔරලෝසුව දිහා බලද්දි තමයි දැක්කෙ හරියටම වෙලාව 6 යි . අම්මා මට පත බොරුවක් තමා කියල තියෙන්නෙ දෙයියනේ....
" අම්මා !!!!!!!!! ඇයි බොරු කිව්වේ!!!!!!!!!! "මං නහයෙන් අඬ අඬම ඇඳ පිළිවෙලට හැදුවා...නැත්තං ඉතින් කියයි කිසි පිළිවෙලක් නැති කෙල්ලෙක් කියලා...😆😆😆😆
" බොරු කීවෙ ඉතින්.. දැන්ම නැගිට්ටම කලින්ම ලෑස්ති වෙලා..හොඳට උදේට කාල යන්න පුලුවන් නිසා... " අම්මා කිව්වා..ඒකත් ඇත්ත , මං කොච්චර කලින් ඇහැරලා ලෑස්ති වෙලා හිටියත් බස් එකට වෙලාවට යන්න බැරි වෙනවා..ඒ බයටම Breakfast එක නිවිසැනසිල්ලෙ භුක්ති විඳින්න නම් හම්බ වෙන්නෙ නැහැ මට.....අනේ මන්ද ? ඔයාලටත් ඒ පරක්කු වෙන ලෙඩේ තියනවද ?
මම කෑම කාල ඉවර වෙලා අම්මටත් වැඳලා යන්න හදනකොට ම ," යේෂි , තාත්තටත් කතා කරල යන්න "
අම්ම කියපු නිසා මම කාමරේට ගිහින් තාත්තට ත් වැන්දා...එයා හොඳට නිදි..." තාත්තා අද වැඩ නැතිද අම්මා ? "
" දවල් යයි මං හිතන්නෙ "
" එයා ඊයෙ හිටපු හැටියට අද office යන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ...තාම වෙරි ඇති "
මට දැනුණ කේන්තියට මම ඒක සද්දෙන්ම කියල දැම්මා.." යේෂි !!!! ඔහොම කතා කරන්න එපා !!! "
මං කියපු කතාවට අම්මට දුක හිතෙන්න ඇති...මොනව වුණත් අම්මා තාත්තට ආදරෙයි...මට හිතුණෙ එහෙම
තවත් වෙලා එතන හිටියොත් අපි දෙන්නගෙම හිත රිදෙන නිසා මම ඉක්මනට Coffee shop එකට යන්න පිට වුණා...
මගේ වාසනාවට අද බස් එක තාම ගිහින් නැහැ...බස් එක එනකල් Headset එකත් දාගෙන සිංදුවක් අහන්න පටන් ගත්තා..."Smooth like (butter),
cool shade (stunner) And you know we don't stop , Hot like (summer),
ain't no (bummer) You'll be like, "Oh my God" We gon' make you rock, and you say (yeah) We gon' make you bounce, and you say (yeah) Hotter, sweeter, cooler, butter!
Get it, let it roll " 🎶🎶🎶🎵💓
Butter සිංදුව ඉවර වුණාට පස්සෙ මං හිමීට වට පිට බැලුවා...Bus stop එකේ හිටපු Aunty ලා දෙන්නෙක් මං දිහා පිටසක්වලියක් දිහා වගේ බලන් ඉන්නවා මං දැක්කා...සමහර විට පොඩ්ඩක් නටපු නිසා වෙන්න ඇති...
කරන්න දෙයක් නැහැ ඉතින්.... කිව්වට තරහ වෙන්න එපා මළ ගෙදරකදී ඒ සිංදුව ඇහුණත් මට නැටවෙනවා...🙊🙊🙊
YOU ARE READING
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]
Fanfictionනුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18 # world : # 191out of 38 k stories ( When end day of story ) don't copy 😊