Chapter 08 ❤ : One dark night

367 57 9
                                    

අද විශේෂ දවසක්.....ඒත් මම පුරුදු විදිහටම ලෑස්ති වෙලා Coffee shop එකට ගියා...
ගෙදර ඉඳන් Bus stop එකට මම පයින් ඇවිදගෙන ගියේ හැමදේම හොඳ වෙයි කියල හිත හිතාමයි....
පාර අයිනෙ තිබුණ රොබරෝසියා ගහක ලස්සනට මල් පිපිලා තිබුණා...

ඊටත් එහා පැත්තෙ තිබුණ ඩේසි මල් පඳුරක මල් ගොඩක් පිපිල තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඊටත් එහා පැත්තෙ තිබුණ ඩේසි මල් පඳුරක මල් ගොඩක් පිපිල තිබුණා...

මම මල් ටිකක් කඩා ගත්තේ  Shop එකේ vase එකකට දාන්න හිතාගෙනමයි...මල් පොකුරත් අතේ තියාගෙනම මම Selfie ටිකකුත් අරගත්තා...🙊🙊🙊📷

මල් පොකුරත් පරිස්සම් කරගෙන Shop එකට යනකොට ඒ අක්කි Table පිහදානවා...

" ආ යේෂී අද Result එනව නේද ? " අක්කි ඇහුවෙ ලොකූ හිනාවකුත් මූණේ පුරවගෙන...

" ඔව් හවස 6 න් පස්සෙ out වෙයි අක්කි  " මම එහෙමත් කියාගෙන Apron එකත් දාගෙන මල් පොකුරත් අරන් ගියේ Table No.7 ට...vase එකට මල් ටිකත් දාලා මම ආපහු හැරෙනකොට දැක්කෙ අක්කි කටත් අතින් වහගෙන හිනාවෙවී මං දිහා බලන්
 ඉන්නවා...

මම ඇහිබැමකුත් උස්සල ඇහුවෙ ඇයි කියලා..

👧" එයා කතා කරාද "

" කවුද ?"

👧" ඔයාගෙ අර  ගෝනිබිල්ලා ?

" මොන ? "

👧 " අනේ මේ යේෂී !!!! මම කතා කරන්නෙ කවුරු ගැනද කියල ඔයා දන්නවා !!! " අඩියකුත්  පොළවෙ ගහල මෙයා ඇහුවෙ...😆

මමත් හිනා වෙලා ඔලුව වැනුවෙ නැහැ කියල කියන්න...

" ආහ් !! එයා කතා කරයි !! " අක්කි මගෙ කම්මුලකුත් අල්ලලා තමයි එහෙම කීවෙ..

අද ගොඩක් අය coffee බොන්න ඇවිත් හිටපු නිසා එහෙ මෙහෙ ඇවිදලම මහන්සියි...ඒත් කට්ටිය එක්ක කතා කර කර වැඩ කරනකොට ඒක ගාණක් නැහැ..අක්කි නම් මගෙන් අහන්නෙම අර කොරියන්කාරයා ගැන...මල වදේ !!!! 😣😣😣😣

Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]Where stories live. Discover now