Chapter 27 ❤ : Dear Jamsil

297 53 16
                                    

PD nim මට කතා කරල අනිත් අය වගේම හොඳටම දොස් කිව්වා...ඒ වගේම ස්තූතිත් කරා ඉතින්...මමනෙ PD nim ගෙ තරු පැංචව බේර ගත්තෙ 😆😎

මේ වෙච්ච සිද්ධියෙන් මම එකම එක දෙයක් තේරුම් ගත්තා....ඒ මෙයාල හැමෝම මට ගොඩක් ආදරෙයි , මට කරදරයක් වෙනවට අකමැතියි කියන එක....ඉතින් මම ගොඩක් සතුටින්.....!!!

අද ඒ සතුට ඩබල් වෙන්න යන්නෙ....අද රිහස්ල් දවසනෙ....BTS  Concert එකකට කලින් නිල පෙර පුහුණු වීම් වලට සාමාන්‍යයෙන් දවස් දෙකක් වගේ වෙන් කරනවා....මේ පාර නම් Stage rehearsal දා ගත්තෙ එක දවසයි....
ඉතින් අද තමයි ඒ දවස....!

Hey Na na na !!!! 🎶
මම සිංදුවක් කිය කියාම බෑග් එකත් කරට දාගත්තෙ Hybe එකට යන්න වෙලාව හරි නිසා....

අද ඔප්පල Company එකට එන්නෙ නැතිව කෙළින්ම Seoul Stadium එකට එනවා....
මට ඉතින් වැඩ කෝටියක් තියනවනෙ Guys !!!  😅😌 
ඒ නිසා මම ඉස්සෙල්ලම Company එකට ගිහින් ඉන්න ඕනි....

විසිල් පාරකුත් ගහගෙනම එළියට බැස්ස මම කාර් එකට නගින්න කලින් Tae ඔප්පගෙ කාමරේ පැත්තෙ පොඩි සර්ච් පාරක් දැම්මා....

වෙලාව තාම උදේ 7  වෙලත් නැහැ...තාම ඔප්පා නිදි ඇති... ඒ නිසා මම ගිහින් ජනේලෙන් කාමරේ ඇතුල බැලුවා...
පැහැදිලිව පේන්නෙ නැහැ තමයි....හැබැයි ඉතින් ලාවට හරි යන්න කලින් කෑල්ලගෙ මූණ බලලා යන එක ඉතින් ආදරණීයයි , හැඟුම්බරයි , බලයයි ජවයයි , ශක්තියයි නේ !!!  හී හී

මං බලනකොට එයා රූම් එක ඇතුළෙ නැහැ....යකූ ඇඳ පල්ලෙ වත් වැටිලද ? 😅 නැත්තං එයා උදෙන්ම නැගිටලා ද ?

මම බිත්තියේ පඩියක් උඩටත් නැඟලා  කකුලෙ ඇඟිලි තුඩු වලිනුත් ඉස්සිලා තවත් හොඳට කාමරේ ඇතුල බැලුවා....වැඩක් නැහැ අනේ !! පේන විදිහට එයා කලින්ම නැගිටලා කොහෙ හරි ගිහින්....😔😔

මම පඩිය උඩින් බිමට පැනලා අනිත් පැත්ත හැරෙනවත් එක්කම මෙන්න මේ මනුස්සයා ඉන්නවා මං පිටිපස්සෙ...අනන්තයෙන් ආපු තරු කුමාරයා වගේ තමයි එක පාරම මතු වෙන්නෙ මේ ඩයල් එකත්....

අනන්තයෙන් ආපු තරු කුමාරයා වගේ තමයි එක පාරම මතු වෙන්නෙ මේ ඩයල් එකත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]Where stories live. Discover now