Chapter 06 ❤ : saranghaeyo !!!

373 62 20
                                    

360 °  ක්ම කැරකෙන්න  හදපු මම 240 ° න් විතර නතර වුණා..කැමරා කාචයෙන් දැකපු කෙනාව දැකලා......^ - ^

ඔව් ඒ එයා තමයි...ඉස්සර මාත් එක්ක හැමදේටම හිටපු කෙනා තමයි ඒ..." මීනු" මගේ හොඳම යාලුවා වෙලා හිටපු කෙනා..එයා ළඟ එයාගෙ Boy friend  ඉන්නවා....

මං එයාල දිහා කන්න වගේ බලන් ඉන්නවා මීනු දැක්කා...එයා ඒ නිසා Boy එක්ක එතනින් යන්න ගියේ මටත් රවා ගෙනමයි...

ඒතකොටම Headset එක අස්සෙන් Vmin සිංදු කියනවා...මගෙත් වෙලාව තමයි... ඒ සිංදුව ඇහෙද්දි නම් මට ඇඬෙන්න ඔන්න මෙන්න...මං සිංදුව play වෙන එක නවත්තලා දාලා බිම වාඩි වුණා...

වැව දිහාවෙන් එන සීතල හුළඟ විඳගන්න ගමන් මම ඇස් දෙක පියා ගත්තා...

මීනු , පෙරපාසල් කාලෙ ඉඳලා උසස් පෙළ පන්තියට එනකල්ම මගෙ හොඳම යාලුවා..
School එකේ අය අපිට විහිළු කළේ Husband & wife වගේ කියලා...😂😂😂  අපි දෙන්න සහෝදරියෝ වගේ හිටියේ...එයාට කවුරුහරි නරක දෙයක් කිව්වොත් මම මරාගෙන මැරෙන්න හරි ගියා...මීනුට කැත කතාවක් කියපු කොල්ලෙක් ගෙ නහයෙන් ලේ එන්නම කවකටු පෙට්ටියෙන් ගහපු හැටි මට තාම මතකයි...මං එයාට ඒ තරම් ආදරේ කළා...
එයාගෙ හැම ප්‍රශ්නයකටම මං ගාව විසඳුමක් තිබුණා...ඒ නිසා එයා මට මේ වාක්‍ය නිතරම කිව්වා..

 " යේෂී ඔයා තමයි මගේ ඇත්තම Soulmate !! " 

13 පංතියට ආවම එයා එන්න එන්නම දුර්වල වුණා...වෙන ලෝකෙක හිටියෙ...විභාගෙට ලකුණු ඇත්තෙම නැහැ...අවධානයෙන් කිසිම පාඩමක් අහගෙන හිටියෙ නැහැ...
 
මං හේතුව ඇහුවම එයා කීවා Boy කෙනෙක් එයාගෙන් කැමැත්ත අහනවා කියලා...ඒ කොල්ලා මගේ යාලුවෙක්..නරක කෙනෙකුත් නෙවෙයි...එයාලා Affair එකක් පටන් ගත්තා...මම ඒකට Support කරන්නවත් බාධා කරන්නවත් හැදුවෙ නැහැ...ඒත් මම නිතරම එයාට පාඩම් කරන්න කියල කිව්වා...එයාට තේරුම් කරා ඇත්ත මොකද්ද කියලා...

ඉතින් එයා ඒක වැරදියට තේරුම් ගන්න ඇති...එයා මාව මඟහැරියා...මට Boy කෙනෙක් නැති නිසා මම එයාට ඉරිසියා කරනවා කියල එයා හිතුවා....ඉතින් මමත් එයාට කැමති දෙයක් කර ගන්න කියල පැත්තකට වුණා...මම තේරුම් ගත්තා හැමෝම වෙනස් වෙනවා කියලා...
සමහර වෙලාවට Love Affair එකක් Break up වෙනවට වඩා යාලුවෙක් නැති වෙන එක දුකක් ?  
 
හැමදේටම කදුලු ඉස්සර කර ගන්න මට මේ වෙලාවෙත් කදුලු වලට ඉඩදෙන්න සිද්ධ වුණා...
ටිකක් වෙලා වැව දිහා බලන් හිටපු මම ආපහු හිට ගත්තෙ මං මොන ඉලව්වකට දුක් වෙනවද කියල හිතුණ නිසා...

Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]Where stories live. Discover now