මම ඇස් දෙකත් වහගෙන නින්දෙන්ම වගේ වටපිටාව අතපත ගෑවෙ වෙනදා පුරුද්දට ෆෝන් එක හොයා ගන්න...ඒත් එක පාරටම මට අහුවුණේ කාගෙ හරි කොණ්ඩයක්...
අත අහකට ගන්නෙ නැතිවම මම කල්පනා කරේ බල්ලෙක් පූසෙක්වත් නැති මගේ ගෙදර කවුද මේ මං ගාව ඉන්න සතා කියලා...මං ගාව ඉන්න Tata Teddy පැටියටත් මෙච්චර බූල් නැහැනෙ...
කවුරු හරි හොරෙක් ඇවිල්ලා මට කරදරයක් කරන්න හදනවද දන්නෙත් නැහැ...මෙච්චර ආරක්ෂාවක් තියන Dorm එක අස්සටත් එන්න පුලුවන් අය ඇතිනෙ ඉතින්...
ඇස් අරින්නත් බැහැ බයයි...කියන්න බැහැනෙ අර Film වල ලේ පෙරාගෙන ඉන්න දාම ඝාතකයෙක් වගේ නට් ලූස් පොරක්ද කියලා...
කරන්නම් හොඳ වැඩක් කියල හිතා ගෙන මම අතට අහුවෙලා තිබ්බ කොණ්ඩෙන් ඇද්දා උපරිම හයියෙන්....
" Yaaaaaaa !!!! Appooo !!! "
කියාගෙන ඒ මනුස්සයා නැගිට්ටා...Voice එක දන්න එකක් වගේ...මම තාම ඇස් පියාගෙන....
" Wae !!!? මගේ ඔලුව !!! "
Tae ඔප්පා.....!!! එක පාරටම ඇස් ඇරල බලද්දි ඔලුවෙ අතකුත් තියාගෙන වේදනාවෙන් ඉන්නෙ මගේ Tae ඔප්පා...
එයා මං දිහා බලන් හිටියෙ නම් තෑං තෑං ගාලා කනට දෙකක් දෙන්න හිතෙන හැඟීමකින්...
💜 " හී හී !! ඔප්පා Mianhe !!! මොකද්ද ගාන Shampoo එක...හිසකෙස් ශක්තිමත්....නීරෝගියි "
මං ලාවට හිනාවක් දාලා කීවෙ එයාව ෂේප් කර ගන්න...මේ යකා මට රවනවා...!!
කේන්තිය නිවෙනකල් රව රවා ඉන්න ඔප්පා කියල හිතල මම වටපිට බලනකොටයි දැක්කෙ මේක මගේ Room එක නෙවෙයි....ඔප්පලගෙ Living room එක කියලා...
ආෂ් !!!! මට එතකොටම මතක් වුණේ Soju බීලා මම සිංදු කියපු හැටි....තව මොනව කිව්වද දන්නෙ නැහැ...ලැජ්ජා නහරෙ නම් දැන් වැඩ හොඳටම....
මම ඇස් දෙකත් පුංචි කරගෙන ඔප්පා දිහා බැලුවෙ නිදහසට කාරණා හිත හිතාමයි...
V ඉන්නෙ නිකන් මූණ X කරගෙන කලිසම් සාක්කු දෙකට අත් දෙකත් දාගෙන...🐯 " මතක් වුණාද මොනව හරි !!! "
කියලා ඇහුවා..ඇයි මෙයාට මේ වගේ බය හිතෙන Voice එකක් දුන්නෙ දෙවියනි...
YOU ARE READING
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]
Fanfictionනුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18 # world : # 191out of 38 k stories ( When end day of story ) don't copy 😊