Jungkook ඔප්පයි මමයි බස් එකකට නැඟලා saet එකකින් වාඩි වුණා...බස් එකේ සෙනඟත් ටිකක් හිටියා...මම නම් පණ බයේ හිටියෙ කවුරුහරි මෙයාව අඳුනගනී කියලා...
ඔප්පට නම් ගානක් නැහැ...එයාගෙ ඇස් සතුටින් දිලිසෙනවා....
💜 "ඔප්පා ඔයාගෙ Tatoo එක කොයිද ? "
මම එහෙම ඇහුවෙ එයාගෙ හොඳටමයි..නැත්තං ඉතින් ඕකත් ඇති Army ලාට .....එතකොට එයා මට පෙන්නුවේ Plaster ගහල Cover කරපු එයාගෙ Army tatoo එක...
💜 " මගේ Genius ඔප්පා "
මම ඒක කියනකොට නම් මේ මනුස්සා මගෙ ඔලුවට එකක් ගැහුවා...
පුදුම සහෝදරකමක් !! එයා හදන්නෙ එයාගෙ Hyung ලට වගේ මටත් තට්ටු දාන්න...මට රිදෙනව කියල මේ ඩයල් එකට තේරෙන්නෙ ම නැහැ...
ටික වෙලාවකින් බස් එක නතර කළේ Common ground එක ළඟින්...ඔප්පා නැඟිටලා යන්න ගියේ මට කතා කරන්නෙවත් නැතිව....
" අයිෂ් !!!! ඔප්පා යන දිහාක මටත් කියල මාත් එක්ක යනවකො !! " මාත් කෑ ගහගෙන එයා පස්සෙ දිව්වා...
Common ground එක තියෙන්නෙ Konkuk කැම්පස් එක ගාවමයි..මම සෙමී එක්ක වතාවක් ඇවිල්ලා තියනව මෙතනට....ඒත් මේ වගේ හවසක කවදාවත් මම ඇවිල්ලා තිබුණෙ නැහැ...
පාට පාට විදුලි එළි , නහය අස්සෙන් ඇවිත් බඩගින්න අවුස්සන කෑම සුවඳ...අහන් ඉන්න ආස හිතෙන කැම තෙල් දානකොට එන සද්ද....ටක ටක සද්දෙට ඇහෙන පිහි හඬවල්....මිනිස්සුන්ගෙ අපැහැදිලි කතා සද්ද...එක එක තැන් වලින් ඇහෙන සංගීත සද්ද... බැලුන් බෝලත් තුරුල් කරන් අම්මලගෙ තාත්තලගෙ අතේ එල්ලිලා යන පුංචි පැටව්....Common Ground කියන්නෙම අමුතු ලෝකයක් කියලයි මට හිතුණෙ....
" යේෂී !!! මේ පැත්තට එන්න !"
මම කල්පනා ලෝකෙන් මිදුනේ Jungkook ඔප්පා ගෙ හඬින්...
YOU ARE READING
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]
Fanfictionනුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18 # world : # 191out of 38 k stories ( When end day of story ) don't copy 😊