පලමු පරිච්ඡේදය....
Author pov....
සරත් සෘතුවේ ආරම්භය සනිටුහන් කරමින් රතු පැහැති මේපල් කොල එක දෙක පොළොවට පතිත වෙනවා... මේපල් ගහ යට බංකුවකට වෙලා වයස අවුරුදු 20 ක, වගේ තරුණ ගැහැණු ළමයෙක් මේ දිහා බලාගෙන ඉන්නේ දැන් ටික වෙලාවක ඉදලා.....
අදුර ගන්න බැරි හිස් හැගීමකින් බලාගෙන හිටපු කෙල්ල ඉදගෙන හිටිය බැංකුවෙන් නැගිටලා යන්න ගියේ හිතේ තියෙන හැගීම් වලින් ටිකක් නිදහස් වෙලා.........
"අම්මා මං ආවා.... ඔයා කොහෙද "
ගෙදර ආව කෙල්ල ආපයින්ම ගියේ කුස්සියට, කෙල්ලගේ අම්මව හොයාගෙන"චූටි දූ මං මෙහෙ"
අම්මා කියද්දී කෙල්ල අම්මා ලගට ගිහිනුත් ඉවරයි"මොකො අද මේ හුරතල් වෙන්නේ ආ..."
අම්මා කිව්වේ කවදාවත් නැතුව අම්මව පිටිපස්සෙන් බදාගෙන උරහිස උඩින් ඔලුව තියා ගෙන හුරතල් වෙන කෙල්ල දිහා බලලා"ඔය ඉතින්.... අම්මා ගාව නැතුව මං වෙන කා ගාව හුරතල් වෙන්නද" මූණක් බිම වැටිලා බිදුණු පිගානක් තරම් කරගෙන කෙල්ල ඒක කියපු විදිහට ඕන කෙනෙක් ට හිනා යනවා
" ආ.....හරි හරි කෝ.. ඉතින් දැන් එහාට වෙන්න මට උයන්න"
අම්මා එහෙම කිව්වම කෙල්ල අම්මා ලගින් අයින් වෙලා ලග තිබුන පුටුවකින් වාඩි වුණා."අම්මා......"
"හ්ම්"
"තාත්තා තව ආවේ නැද්ද ? "
" නැහැ චූටි දූ, තාත්තා එද්දී ටිකක් පරක්කු වෙයි කියලා කොල් කරලා කිව්වා, ඔෆිස් එකේ වැඩ වැඩියි ලු."
"හ්ම්.. එහෙම ද "
කෙල්ල කිව්වේ ටිකක් දුකින්"කො.. දැන් ගිහින් ඇග පත හෝද ගන්න, ගදේ බෑ.."
අම්මා කෙල්ල ව අවුස්සන්න ත් එක්ක තමා එහෙම කිව්වේ" අම්මා....ඔයා හරි නරකයි අනේ....."
කෙල්ලත් ඉතින් ඒකටම ඇවිස්සිලා පුප්ප පුප්ප කාමරේට ගියා....________________________
ඊලඟ දවසේ උදෑසන
ඇද රෙද්දට ගුලි වෙලා නිදාගෙන හිටපු කෙල්ල ඇහැරුනේ එලාම් එකේ සද්දෙ ට,
ඇස් කහ කහ නැගිටපු කෙල්ල ඇදරෙද්දත් අයින් කරලා ඇදෙන් බැහැලා ගියේ වොෂ්රෑම් එකට වොෂ් එකක් දාගන්න....වොෂ් එකකුත් දාගෙන කලින් දවසේ පිලිවලට අයින් කරලා තිබණ ඇදුම් ටිකත් අරගෙන කෑම මේසෙට ගියපු කෙල්ල අම්මාටයි, තාත්තාටයි ලස්සන හිනාවකින් සංග්රහ කරලා කන්න පටන් ගත්තා.....
කාලා බීලා ලෑස්ති වුණ කෙල්ල හැමදාම වගේ අදත් ගෙදරින් එළියට බැස්සේ කොලේජ් එකට යන්න......
අම්මාටත් තාත්තාටත් සමු දීලා ගෙදරින් පිට වුණ කෙල්ල පාර දිගේ ඇවිදගෙන ආවේ තියන එක අඩියක් ගානේ ගනන් කරන ගමන්.....
ටික වෙලාවක් යද්දි කොලේජ් එකට ආපු කෙල්ල ලොකු හුස්මක් අත ඇරලා ලොකු ගේට්ටුවෙන් ඇතුල් වුනේ අමුතුම දේවල් වලින් පිරුණු හිතත් එක්ක.......
Someone pov
එලාම් එකේ සද්දෙ ට ඇහැරුන මං වොෂ්රෑම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන ඇවිත් ඉස්සෙල්ලා දවසේ ලෑස්ති කරලා තිබුණ ස්කූල් යුනිෆෝම් එකත් ඇදගෙන කොන්ඩෙත් මැදට වෙන්න පීරලා ලෑස්ති වුනේ කොලේජ් එකට යන්න, උදේට කෑමත් කාලා ගෙදරින් ආවේ පයින් යන්න මං ආස නිසා, කොලේජ් එකට ආපු මගේ හිත අමුතුම දේවල් වලින් පිරිලා ගියේ කියන්න තේරෙන්නේ නැති විදියට.
කොලේජ් එකට ආපු මං කෙලින්ම ගියේ මගේ පංතිය තියෙන පැත්ට.ඕහ් අමතක වුණානේ මං කවුද කියන්න
මං cha min-ah, අවුරුදු 19 යක කොලේජ් යන ගැහැණු ළමයෙක්, අම්මා ගෙයි තාත්තා ගෙයි චූටි දූ,.
.
.
පංතියට ගියපු මං මං ඉන්න තැනි බෑග් එක තියෙලා යන්න හදද්දී මං දැක්කේ.
.
.
.
.
.
.
Waiting for nextකවුරු වෙන්න ඇති ද දැක්කෙ... Guess කරන්න කෝ...
අලුත් කතාවක්, හිතට ආපු අදහසක් අකුරු කලා,
ඔයාලා කැමති වෙයිද දන්නේ නෑ,Short story එකක්....
YOU ARE READING
UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓
Fanfiction' වචනයකින්වත් ආදරෙයි නොකියා ආදරේ කරපු මිනිස්සුන්ගෙ ආදරේ හරි ලස්සනයි. ආදරේට ආදරෙයි කියන්නම ඕන නෑ, ඇස් වලින් දැන්නුවාමත් ඇති ... ' | අමතකනොවන ආදරය | -The Unforgettable Love ©Copyright by @N.Dhanu Published ; 2022-07...