හත් වන පරිච්ඡේදය.....
කොලේජ් එකට යන්න බැරි වුණ නිසා කෙල්ල ගෙදරට වෙලා පාඩම් වැඩ ටික කරා.
දවසෙම ගෙදර ට වෙලා ඉන්න කෙල්ලගේ හිතේ කැමැත්ත ක් නොතිබුණේ දැනුන කම්මැලි කමට, ඒ හින්දා ම කෙල්ල තමන්ගෙ අම්මා කිව්වා වගේ ටිකක් ඇවිදලා එහෙම එන්න කියලා ලෑස්ති වුණා.....
දනහිසෙනුත් ටිකක් විතර දිගට ලයිට් පින්ක් කලර් ලස්සන ගවුමකින් හැඩ වුන කෙල්ල ආවේ එයාගේ ගෙදරට කිට්ටුවෙන් ම තියෙන පබ්ලික් පාර්ක් එකකට.
සතියේ දවසක් නිසා ද පාර්ක් එකේ සෙනග හිටියේ බොහොම ටිකක්, ඒ නිසා ම පාර්ක් එක ගොඩක් නිස්කලංක, නිදහස් තැනක් වුණා ඕන කෙනෙකුට.
පාර්ක් එකේ ප්රධාන ගේට්ටුවෙන් ඇතුළු වුන කෙල්ල , ඉදිරියට ම ඇවිදගෙන විත් ලොකු ගහක් යටට කරලා හදපු බංකුවක ඉදගෙන ඇස් දෙක වහගත්තා.
පරිසරයෙන් දැනුන මද සුළඟ විදින ගමන් ඇස් පියාගෙන හිටපු කෙල්ල ට ඇහුන අයිස් ක්රීම් වාහනයක සද්දේ නිසා ඉක්මනින් ඇස් දෙක ඇරපු කෙල්ල ඒ හඩ ආපු පැත්ත බැලුවා...හිතට ආපු අදහසකට ඒ අයිස් ක්රීම් වාහනෙන් අයිස් ක්රීම් එකක් ගත්ත කෙල්ල ආයේ තමන් ඉද ගෙන හිටපු බංකුවකට ගිහින් අයිස් ක්රීම් එක කන්න පටන් ගත්තා..
අයිස් ක්රීම් එකක් කාලා , පාර්ක් එකේ ත් ඇවිදලා, කෙල්ල ගෙදර ආවේ ටිකක් මහන්සියෙන්.
ගෙදර ඇවිත් කාලා කෙල්ල ගියේ එයාගෙ කාමරේ ට,
කම්මැලි කමට ත් එක්ක ෆෝන් එක අරන් ඔබන්න ගත්තාත්, ටික වෙලාවක් යද්දි එකත් එපා වෙද්දී, එහෙන්මම සිංදුවක් දාගෙන hearphone එකෙන් අහන ගමන් ඇදට ගිහිං ඇස් පියාගත්තා.________________________
𝚆𝚊𝚒𝚝𝚒𝚗𝚐 𝚏𝚘𝚛 𝚗𝚎𝚡𝚝..2022_10_04
-𝙳𝚑𝚊𝚗𝚞-
𝙸💜𝚄
STAI LEGGENDO
UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓
Fanfiction' වචනයකින්වත් ආදරෙයි නොකියා ආදරේ කරපු මිනිස්සුන්ගෙ ආදරේ හරි ලස්සනයි. ආදරේට ආදරෙයි කියන්නම ඕන නෑ, ඇස් වලින් දැන්නුවාමත් ඇති ... ' | අමතකනොවන ආදරය | -The Unforgettable Love ©Copyright by @N.Dhanu Published ; 2022-07...