.𝟏𝟖

136 21 0
                                    





දහඅටවන පරිච්ඡේදය............











" මේ ඒක නෙමෙයි මින්-අහ් , මොකද කියන්නේ අපි කැන්ටින් එකට යමු මොනාහරි කන්න.

" මම් යන් මටත් බඩගිනි දැං නම් "

සෝආ ත් එක්කම මං ගියේ කැන්ටින් එකට, මොනා හරි කන්න කියලා.....

.
.
.
.
.
.
.
.
.

.
.
.

මේ අතරේ කොල්ලෝ ටික නම් මදි නොකියන්න නොමිලේ කලා තිබ්බේ. ප්‍රින්සිපල් දීපූ පාරවල්වල ඇගේ සමහර තැන්වල ලස්සනට පාර හිටලා දම් පාටින් නිල් පාටින්..

" අහ්..... තමුසෙ නිසා තමයි මේ ඔක්කොම ...මගුල"
ටේහියුන්ග් කිව්වේ එයාගේ අතේ තිබ්බ දැං ටිකකට කලින් ගුටි කෑවගේ සාක්ෂි දිහා වේදනාකාරී ව බලන ගමන්.

හැබැයි ටේගෙ කතාව වෙන කල්පනාවක ඉදපු ජංක්කූක් ට නම් ඇහුනේ නෑ.
ඒ තරම් කොල්ලා ලොකු කල්පනාවක.

" ඒයි තමුසෙට ඇහුනේ නැද්ද ..."
ඒසැරෙ නම් ටේ කතා කරේ ජංක්කූක් ගේ කන ලගට වෙලා.. කොහෙද ඉතින් ටේහියුන් ජංක්කූක් එක්ක පැටලෙන්නම නේ බලන්නේ..

" ආ. ඔම්මා.... මගේ කන "
සිහින ලෝකෙක හිටපු කොල්ලා මේ ලෝකෙට ආවේ කන ලගින්ම ඇහුන ට්‍රම්පට් වාදනයක් වගේ කටහඬ ට😆

" ඕහ් වේ... ඇයි ඔහොම බලාගෙන ඉන්නේ තමුසෙ.. "
එහා පැත්ත බලපු කොල්ලා දැක්කෙ කට ඇද කරන් ඇස් දෙකත් හීනි කරන් හිටිය ටේහියුන්ග්ව.
මුකුත් හිතාගන්න බැරි වුණ කොල්ලා එහෙම ඇහුවා.

" යා..... ඒක්කො ඒක වැඩක් නැහැ ම්හ්."
ඔලුවත් කහලා ටේ කිව්වේ එහා පැත්තෙන් ඉද ගන්න ගමන්.

" අනේ මගේ ජිමිනා වත් හිටිය නම් හහ්..."
ටේ පොඩි එකෙක් වගේ අත් එහෙට කර කර කතා කරන විදිහ ජංක්කූක් ඇස් කොනින් බලාගෙන හිටියේ චූටි හිනා පොදකුත් එක්ක.

" දන්නවද මං පුංචි කාලේ ඔයාට ගොඩක් කැමතියි... මට යන්තමට වගේ අවුරුදු හයක් වෙද්දී ඔයා මට වඩා පොඩි ටිකක්. ඒ දවස්වල ඔයා හරියට මගේ පස්සෙන් මයි. මාත් ඉතින් ඔයත් එක්කමයි. හියොන්ග්...හියොන්ග් ගගා ඔයාගෙ හාදත් දෙකත් එලියේ දාගෙන හිනාවෙනවා. ඔයාගේ ඒ හිනාවට මං ගොඩක් ආසයි. .... දන්නවද ඔයාට තුවාල වුනාම ඔයා අඩද්දි මාත් ඔයා එක්ක අඩනවා... හහ් ඒ කාලේ හරි ලස්සනයි..... මගේ ජීවිතේ මං සතුටින් ම හිටිය කාලේ..... ආහ්"

ටිකක් දිගු හුස්මක් අරන් ටේ එයාගේ කතාව නැවැත්තුවා..
ඒ කියන්නේ එයාට මතකයි අපේ පොඩි කාලේ.... සතුටින් හිනාවෙලා හිටපු කාලෙ... ආයෙත් ඒ කාලෙට යන්න තිබුනානම්... ඒත් දැං හැම දේම වෙනස් වෙලා.. ගොඩක් නරක විදිහට.......😔

" ඔයාට ඒ කාලේ මතකද ටේ , අපි සතුටින් හිටිය කාලේ....."
මං ඇහුවා..

" හහ්.... ඒවා අමතක වෙන්න මං මැරිලා ඉපදුනේ නැහැ නේ ජංක්කූක්...😏"
ටේ ඒ කතාව කිව්වේ නෝන්ඩියට හිනා වෙලා. හහ්... මාර ලොකුකමක් මූගෙ තියෙන්නේ....

" හැබැයි දැං නම් මට තමුසෙව පෙන්නන්න බැහැ ජංක්කූක්... මං තමුසෙට වෛර කරනවා... මට මගෙ පවුල නැති වුනෙ තමුසෙයි , තමුසෙගේ අර මහලොකු අම්මායි නිසා...."
තරහට අත මිටමොලවගෙන ටේ කිව්වේ ගොරෝසු කටහඩින්...

" තමුසෙ ඉන්නේ ලොකු රැවටීමක ටේහියුන්ග්...මමවත් මගේ අම්මා වත් තමුසෙගෙ කිසිම දෙයක් උදුර ගත්තෙ නැහැ... තමුසෙමයි තමන්ගේ පවුල නැති කර ගත්තේ... ඒක තේරුම් ගන්නවා ඉස්සෙල්ලා. තමුසෙට පොඩි හරි මොලයක් ඇතිනේ.. "
ටේහියුන්ග් මුරණ්ඩුයි ගොඩක්.. සමහර විට ඒ පොඩි කාලේ දරුවෙක් ට ඕන සෙනෙහස ලැබුන් නැති නිසා වෙන්නැති... ඒත් එයා දන්නෑ එයාට මගේ ඔම්මා ආදරෙයි කියලා. නැත්නම් එයාට තේරෙන්නේ නැහැ.

" ඔය මුරණ්ඩු කමයි, ලොකුකමයි පැත්තක දාලා එනවා ගෙදර, අඩුම අප්පාව බලන්න හරි එන්න ටේ... එයා මගේ වගේ ඔයාගේ අප්පා. එයා අපි දෙන්නටම ගොඩක් ආදරෙයි.. අනික අප්පට ගොඩක් අමාරුයි.. ඒ නිසා බලලා යන්න හරි එනවා ගෙදර..."
මං කිව්වා මට කියන්න ඕන වෙලා තිබුන දේ.. ටේහියුන්ග් අහන්නේ නැහැ කියලා දැනත් මං කිව්වා, මොකද එයාගේ හිතේ අප්පා ගැන පොඩිම හරි ආදරයක් තියෙයි කියලා...

" එයා මට නෙවෙයි තමුසෙටයි ආදරෙ ජංක්කූක්. අනික ඒ මගෙ නෙමෙයි ඔයාගේ අප්පා.. මගේ ඔම්මා නැති වුනාම වෙන ගෑනියෙක් ව ගෙනාපු එයා මගේ අප්පා නෙමෙයි😤."
ටේහියුන්ග් කිව්වේ ආවේගයෙන්.

" තමුසෙ කවදා හරි පසුතැවෙයි මේ ගැන ටේහියුන්ග්. එදාට පරක්කු වැඩි වෙයි"






<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<

- waiting for next -
2023-02-13
I💜U
Dhanu

- waiting for next -2023-02-13I💜U Dhanu

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓Tempat cerita menjadi hidup. Temukan sekarang