.𝟑𝟑

106 18 0
                                    


තිස්තුන් වන පරිච්ඡේදය.....





Min-ah Dairy




2023-0&-27

ආදරණීය ඩයරිය......

' ලියන්න නම් කෝටියක් විතර දේවල් තියෙනවා, නමුත් ඒ හැගීම් වචන වලට ගළපන්න මටවත් තේරෙන්නේ නැහැ. එන්න එන්නම නොහිතන විදියේ දේවල් ජිවිතේ ඇතුලෙ සිද්දවෙද්දි ඒ දේවල් වලට කොහොම මුහුණ දෙන්නද කියලා තේරුමක් මට නැහැ.
වචන වලට කලින් කදුළු ඉස්සර වෙද්දි මට ඕන හැමෝගෙන්ම හැන්ගෙන්න. ඒත් මට එහෙම කරන්න බැහැනේ. කාලයක් තිබුණා ජංක්කූක් ව මුණ ගැහුන එක ගැන මං දුක් වුන. මොකද කිව්වොත් ඒ හැම මොහොතක්ම මට දැනුනේ මං මට අල්ලන්න බැරි දෙයක් පස්සේ යනවා කියලා. එයා හරියට අහසේ දිදුළන හදක් වගේ වෙද්දි මං අහස උසට පියාබන්න හදන ඒත් ඒ හැම වෙලාවෙම තටු කැඩිලා බිමට වැටෙන සමනලයෙක් වගේ වුණා. මට කියන්න බැහැ දුකක් නැහැ කියලා , මොකද කිව්වොත් මට ගොඩක් දුකයි.හරියටම මගේ වම් පපුවේ මැද රිදුමක් ඇතිවෙන එක ඒ දුකට සාක්ෂි යක් වගේ වුණා. හෙලන හැම හුස්මකම මහ බර ගතියක් දැනෙනවා, අමතක කරන්න ඕන වුනත් ආය ආය එයාව මතක් වෙද්දි අමතක කරන්න බැරි තරමට ම මං සිතුවිලි අස්සේ හිර වෙලා.
ජංක්කූක් ව දකින වාරයක් ගානේ දැනෙන ඒ හැගීමට මං ආසයි,එයා එක්ක ගෙවපු වෙලාවන් පොඩි වුනත් මං ඒ කාලේ ට හරි ලෝභයි, ඒහෙම දවස් හරි අඩු නිසා. මගේ හිත මටත් හොරෙන් හැම මොහොතකම ඔහුව හොයද්දි, ගත වෙන හැම දවසකම ඔහුව බලාපොරොත්තු වෙද්දි, එයාව දැක්කාහම දැනෙන සතුටත්, නොආපු දවසට දැනෙන සියුම් දුකත් හැමදාම දැනගෙන හිටියෙ මගේ හිත විතරමයි. ඉස්සරහටත් ඒ රහස මගේ හිත විතරක්ම දැනගෙන ඉදී.
එයාගේ දිහා ඈත ඉදන් බලාගෙන හිටපු මට ආය එයාව දකින්න බැරි තරමට ම එයා හුඟක් දුරස් වෙලා. ආය කවදා හමුවෙයිද කියලා මං දන්නේ නැහැ, සමහරවිට..... ආය කවදාවත් අපි හමුනොවේවි.
ඒත් මං බලාගෙන ඉන්නවා එයා වෙනුවෙන් ,මට පුළුවන් තරම් කල් ,
හැමදාම වගේ හිතෙ එයා වෙනුවෙන් තියෙන ආදරේ අඩුවක් නැතිව තියෙයි ,,,,, '





_______________________________



කොල්ලා හිටියේ ලොකු කල්පපනාවක වෙලිලා . තමන් ලගට ඇවිත් වාඩි වුන තරුණයා ගැන කොල්ලට ගානක් වත් නැති පාටයි.

UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓Where stories live. Discover now