.𝟐𝟔

116 18 2
                                    



විසිහයවන පරිච්ඡේදය......






" සර් ඔයාට තේරෙනවා නේ මේ වෙලාවේ තත්වය. අපිට හේසෝන් නැතුව තරගෙට සහභාගී වෙන්න බෑ, එහෙම වුනොත් තරගෙ කල් දාන්න පුලුවන්, ඒත් මං හිතන්නේ නෑ තරගෙ කල්දායි කියලා....
එහෙම නැත්නම් අපිට කරන්න තියෙන්නේ අමතර ක්‍රිඩකයෙක්ව ගන්න එක. ඒත් සර් ජංක්කූක් තමයි මේ වෙලාවේ අපිට ඕන, එයා ටීම් එකේ හොඳම player නිසා අපිට එයාව ඕන මේ වෙලාවේ , අනික සර් එයා සෙල්ලම් කරොත් අපේ කණ්ඩායමට දිනන්න තියෙන චාන්ස් එක වැඩී "

යුංගි හිටියේ එයාගේ කොලේජ් එකේ ප්‍රින්සිපල් එක්ක බර කතාවක.
කතාවක් කිව්වට නිකං කරුණු පැහැදිලි කිරීමක් වගේ.

මේ වෙලාවේ කොල්ලට තිබුණ හොදම විසදුම ජංක්කූක් වෙද්දි කරුමෙටද, අවාසනාවකටදෝ ජංක්කූක් ට තරගෙට සහභාගී වෙන්න තහනම් වුණා.

යුංගිට මතක් වුන එකම විසදුම ජංක්කූක් වෙද්දි කොල්ලා ඉක්මනට ගියෙ ප්‍රින්සිපල්ව හම්බෙන්න,
ඒක තවත් ලේසි වුණේ හේසොන්ව බලන්න ප්‍රින්සිපල් යුංගි ඉන්න පැත්තට එද්දී.

කොල්ලා හරිම යටහත් විදිහට ප්‍රින්සිපල්ට විස්තරෙ පැහැදිලි කරේ හිතේ බලාපොරොත්තු වක් තියාගෙන.

" මම්හ්.... මට තේරෙනවා යුන්ගි කියන දේ.. කොහොමත් ජංක්කූක් ගේ අතේ වැරුද්දක් නැහැනේ, එයාව ගන්න සෙල්ලම් කරන්න. මං මේ තීරනේ ගන්න ඕන මීට කලින් බව මට තේරෙනවා, ඇත්තටම මට කණගාටුයි , ඔයා ජංක්කූක් ව එක්ක යන්න යුංගි, හොදට සෙල්ලම් කරන්න හරිද?"

" අනේ සර් ඇත්තටම ලොකු දෙයක් ඒක, ඔව් අපි හොඳට කරන්නම් ! කුමාවෝ සර් "
එහෙම කියලා යුංගි ගියේ හිතට ලොකු සහනයක් දැනෙද්දී. කොල්ලා ඉක්මනට ජංක්කූක් වත් ඇදගෙන change room එකට ආවේ ලොකු වෙලාවක් තව ඉතුරු වෙලා නැහැ කියලා තේරුන නිසා.

මේ වෙලාවේ ජංග්කුක් නම් හිටියේ ' ඒක පාරටම මූට මොන යකෙක් වැහුනද ' වගේ ලුක් එකකින් යුංගි දිහා බලාගෙන,

" මොකද මනුස්සයෝ අමුතු විදියට මං දිහා බලාගෙන ඉන්නේ ... ආ මේක ඇදගන්න ඉක්මනින්"
කොල්ලා ජංක්කූක් ට එයාගේ ඇදුම දෙන ගමන් කිව්වා. ,

UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓Where stories live. Discover now