.𝟒𝟎

285 19 2
                                    




හතලිස් වන පරිච්ඡේදය.....



' මොකද.. මොකද මං කෙනෙක්ට ආදරෙ කරනවා.. ගොඩ කාලෙක ඉඳන්.. '
කෙල්ල කියද්දී ජෙරම් අල්ලගෙන හිටපු අත ලිහිල් වෙද්දි මින්-අහ් අත ඇදලා ගත්තෙ නොසන්සුන් ව.

" ඔය ඇත්තමද... එ.. එයාගේ නම මොකක්ද ?"
කොල්ලා ඇහුවේ පුදුමෙන් වගේ ම කණගාටුවෙන් .

" ඔව්... මං හිතන්නේ නැහැ එයාගේ නම ඔයාට ඕන වෙයි කියලා " මින්-අහ් කිව්වේ ස්ථීර පෙනුමකින්, කෙල්ල ජෙරම් ගේ ඇස් දිහා කෙලින් බලාගෙන කියද්දී කොල්ලා පුදුම වුනා. ඒ ඇස්වල තිබුන ස්ථීර බවට.,

ජෙරම්ට දැනුනේ හුස්ම ගන්න බැරි බවක්, ඊටත් වඩා ලැජ්ජාවක්, තමන් මින්-අහ් ඉදිරියේ රිජෙක්ට් වුණා කියලා දැනෙද්දී කොල්ලට ඕන උනේ ඉක්මනින් මෙතනින් යන්න උනත් කකුල් දෙක පොලවට ඇලිලා වගේ වෙද්දි ජෙරම් මින්-අහ් දිහා බලාගෙන ම හිටියා. කිසිම හැලහොල්මනක් නැතිව.

" මට සමාවෙන්න !"
මින්-අහ් ඇහෙන නොහැනෙන ගානට එහෙම කියනවා ඇහුනා. කොල්ලා බලාගෙන හිටියේ මින්-අහ් යන දිහා. ඒත් එක්කම එතනට තව කොල්ලෙක් ඇවිදගෙන ඇවිත් කෙල්ල එක්ක හිනා වෙද්දි ජෙරම්ට හිතුනේ ' ඒ කොල්ලට වෙන්න ඇති එයා ආදරේ කරන්නේ ' ඒ විදිහට.
දෙන්නත් එක්ක අත් අල්ලගෙන යනදිහා බලාගෙන හිටපු කොල්ලා හිනා වුණා. ඒත් ඒ හිනාව ඇතුලෙ තියෙන දුක කාටවත් තේරුන් නැහැ.

...

කැම්පස් එක අවසානයේ ජංක්කූක් වගේම මින්-ආ ගෙදර යන ගමන් හිටියේ.
පාරෙ ඇවිද්දට මින්-අහ් ගේ සිහිය තිබුනේ අද කැම්පස් එකේ වෙච්ච දේ. ජෙරම් තමන්ට කියපු දේවල්, තමන් ජෙරම්ට කියපු දේවල්, ඒතෝට කොල්ලගේ ඇස්වල තිබුන ශෝකජනක බව මින්-අහ්ට මතක් වුනා.
තමන් කතාකරපු විදියට කෙල්ල පසුතැවුනා, ඒ ඊට වඩා හොඳ විදිහක් කෙල්ලට සිහි වුන් නැහැ.

" මින්-අහ් "

" මින්-අ..හ්"

තමන් කතාකර කර ගියාට මින්-අහ් ගෙන් කිසිම සද්දයක් නැති වෙද්දි ජංක්කූක් කෙල්ලට කතා කරා. ඒත් කෙල්ලට ඇහුනේ නැති වෙද්දි ජංක්කූක් කෙල්ල දිහා හොදට බැලුවා.
කෙල්ල මොකක් නමුත් ලොකු කල්පපනාවක .

UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓Where stories live. Discover now