.𝟑𝟔

115 18 0
                                    

තිස්හය වන පරිච්ඡේදය.......




දවල් කාලය වුණත් බර්න් නගරයේ තිබුණෙ යම් තරමක අදුරු බවක්. ඉදහිට කළුපාට මන්තීරු වලට වැටුණු සුදු පාට හිම පියලි නිසා ම කළු පාට පාර සුදු පාටින් වැහිලා තැන තැන හිඩැස් ඉතිරි වෙන්න.
මේ නිසා ම වෙන්න ඇති වෙනදට නොසන්සුන් බර්න් නගරෙ අද හරි සංසුන් වෙලා තියෙන්නේ. ඉදහිට යන වාහන යි, මිනිස්සුයි ඇරුන කොට මේ පාර හරි නිහඬ වුණා.

ඈතට වෙන්න විහිදිලා තිබුන ලොකු උස කදු මුදුන් වලාකුළු අස්සෙන් නොපෙනී යද්දි ඒ ලස්සන දර්ශනය මේ බර්න් වලටම සීමා වුණා. චුටි චුටි හිම පියලි නිසා ම ඒ ලස්සන තව තවත් කැපිලා පෙනුනා.

එන්න එන්නම හිම වලින් වෙලා ගන්න මේ ලස්සන නගරේ දිහා පුටුවකට වෙලා කෙල්ල බලාගෙන හිටියේ විනාඩි කීපයක ඉදන්. වැටෙන හිම පියලි කෙල්ලගේ කැරලි කොන්ඩෙ තැනින් තැන රැදෙද්දි  අමුතුම ලස්සනක් කෙල්ලට ගෙනාවා.
සීතලට ලා රතට හැරිලා තිබුන ඒ බෝල කම්මුල් වගෙම නහයත් කෙල්ලට එකතු කරෙ ලස්සනක්.
ඉද හිට ඇදගෙන හිටපු ලොකු ජර්සි එකේ අත් කොණ තවත් අතට ඇදපු කෙල්ල අත් දෙක එකට ඇතිල්ලුවෙ ටිකෙන් ටික වැඩි වෙන සීතල ගතියට.

වැඩි සෙනගක් නැති මේ coffee shop එකේ තිබුනේ වෙනස්ම පරිසරයක්. Shop එකම කෝපී සුවදින් පිරිලා තිබුණා. කෙල්ල හිටියෙත් රසවත් කෝපී කෝපයක් බොන ගමන්.

මේ සීතලත් එක්ක උණුසුම් කොපි එකක් ගෙනාවේ එක්තරා විදියක නැවුම් බවක්.

උගුරෙන් උගුර බීලා ඉවර කරපු කෝපී කෝප්පයත් තියලා කෙල්ල යන්න ලෑස්ති වුණා.
එයාට යන්න ඕන උනේ  බර්න් නගරෙ තිබුන ලොකු ම කැම්පස් එකට.




------------------------------------------------------


අද ජංක්කූක් ට පලවෙනි ලෙක්චර් එක තිබුනෙ උදේ වරුවේ නිසා කොල්ලා කම්මැලි කම අතහැර ඉක්මනින් ආවේ පරක්කු වුනොත් අමතර lecture එකකටත් ඉන්න වෙයි කියන බයට.
කොල්ලා business management faculty එකට ආවේ එයාට තිබුණ ආසාවත් අමතක කරලා. කොල්ලට ඕන උනේ sports පැත්තෙන් ඉස්සරහට යන්න උනත් , එයාලා ස්විස් ආවාහම ඒ හැම දේම වෙනස් වුණා.

ජංක්කූක් කොච්චර ඉක්මනින් ආවත් ලෙක්චර් හෝල් එක නම් ලමයි ගොඩකගෙන් පිරිලා තිබුණා. ඉදගන්න වත් තැනක් නැති තරමට.අන්තිමට ජංක්කූක්ට හම්බුනේ පිටිපස්සෙම පෙරලියක තිබුන පුටුවක්.
ජංක්කූක් ඇවිත් ඊලඟ විනාඩියෙම professor හෝල් එකට ආවේ lecture hall එක මීයට පිම්ඹ ගානට නිශ්ශබ්ද වෙද්දි.

UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓Where stories live. Discover now