.𝟐𝟒

112 17 0
                                    


විසිහතර වන පරිච්ඡේදය.........





ජංක්කූක් ට හිතුනෙ අහස හරි ගැඹුරුයි කියලා.
හරියට එයාව දකිනකොට දිලිසෙන ඒ ඇස් වගෙ කියලා.
කොල්ලා ආස කරා ඒ ඇස් වලට, තමන්ව දකිද්දී තවත් දිස්නෙ දෙන ඒ ලස්සන ඇස් අමුතුම කතාවක් කියන බව ජංක්කූක් ට හිතුනා.

කොල්ලට ඕන වුණා තව තවත් ඒ ඇස්වල ගැඹුරට යන්න. ඒ අමුතුම කතාව දැන ගන්න...

නොදැනිම ජංක්කූක් ට හිනාවක් ගියෙ තමන් හිතන දේවල් හරි බොලදයි කියලා හිතුන නිසා..

අහස දිහා බලාගෙන හිටපු කොල්ලාගේ ඇස් වෙන පැත්තකට ගියා. ඒත් එක්කම කොල්ලා දැක්කේ මේ වෙලාවේ කොල්ලා කොහෙත්ම බලාපොරොත්තු නොවුන කෙනෙක්.

ජංක්කූක් ට අමුතුම සතුටක් නොදැනුනාම නෙවෙයි .

ජංක්කූක් හිටපු තැනට ටිකක් එහායින් වෙන්න හිටියේ මින්-ආහ්. කෙල්ල හිටියේ ඇස් දෙක පියාගෙන කොරිඩෝ එකට බරවෙලා.
හිරු කිරණ වැටිලා කෙල්ලගේ මූණ රන්වන් පාටින් එලිය වෙලා.

ජංක්කූක් ඇහෙන නොහැනෙන තරම් හිමීට කෙල්ල ඉන්න පැත්තට ගියෙ මුවෙහි ඇදුන සිහින් හිනාවකුත් එක්කමයි.

මින්ආහ් ට අඩියක් විතර දුරින් නැවතුන කොල්ලා බලන් හිටියෙ කිසිම කලබලයක් නැතුව ඇස් පියාගෙන ඉන්න කෙල්ල දිහා.

" කහ්ම්... මොකද මෙතනට වෙලා කරන්නේ "
එක පාරටම වගෙ කන ලගින් ඇහුන කටහඬ ට කෙල්ල ගැස්සිලා ගියා.

" ආහ්.. මෙ මේ මම... මුකුත් නැහැ. " මින්ආහ් කිව්වේ වචන පටල පටල

" ම්හ්... මුකුත් නැති වෙන්න බැහැ.. මොනාද එච්චර කල්පනා කරෙ, ඇසුත් පියාගෙන.."
ජංක්කූක් ඇහුවෙ විමසිල්ලෙන් කෙල්ල දිහා බලාගෙන .

" මුකුත් නැහැ අනේ ! මං හැමදාම මෙතෙන්ට ඇවිත් මෙහෙම ඉන්නවා. එතෝට සැහැල්ලු බවක් දැනෙනවා ...ඒකයී."
චූටි හිනාවකින් කෙල්ල කොල්ලට කරුණු පැහැදිලි කරා.

" ම්හ් ... ඒක ඇත්ත , මෙතන හරි නිස්කලංක යි, "
කොල්ලා ත් ඒ කතාවට එකග වුනෙ ඒ සැහැල්ලු බව ගෙවුන විනාඩි කිහිපයකට කොල්ලයට ම දැනුන නිසා.

UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓Where stories live. Discover now