.𝟑𝟓

114 18 0
                                    



තිස්පස් වන පරිච්ඡේදය....



Jungkook pov

එදා ටේ වගේම මගෙ කථාබහෙන් පස්සේ අපි ටික ටික ලං වුණා. ටේ වුනත් දැන් හොඳට කතාබහ කරනවා.
ඇත්තටම ඒක මට ලොකු සතුටක්.

කාලෙකට පස්සේ අපෙ පවුලට පොඩි සතුටක් ඇවිත් කියලයි මගේ හිත නම් කිව්වේ.
ඒත් මගේ හිත ඇතුලේ කියාගන්න නොතේරෙන අමුතු හැඟීමක් හිරවෙලා තියෙනවා. ඒක හරියට පාළුවක් වගේ....

නොදැනීම සතියක් ගෙවුණු තැන මං කොලේජ් එකෙන් අයින් වුණා, මං විතරක් නෙවෙයි ටේ හියොන් නුත්.
මොකද අපි ස්විස් යන්න ඕන නිසා. තාත්තාගේ බිස්නස් වැඩත් තාත්තාගේ විශ්වාස වන්ත අන්කල් කෙනෙක් ට පවරලා අපි හතර දෙනාම ස්විස් වලට ගියේ ආය එන එක ගැන ලොකු අදහසක් නම් නැතිව .

ඒ මොනා වුණත් හැම දෙයක්ම හොදින් සිද්දවෙන එක ගැන මට දැනුනේ සැහැල්ලුවක්.






Flashback end


- අවුරුදු කිහිපයකට පසු -


ජංක්කූක් හිටියේ අහස පොළව ගැටහහන තරමේ ලොකු කල්පපනාවක වෙලිලා.
තමන්ට එහා පැත්තෙන් කෙනෙක් ඉදගත්තා කියලා වත් කොල්ලට ගානක් වත් නෑ, ඒ තරමට කොල්ලා කල්පනාවේ.

"ක්හ්ම් ක්හ්ම්"
අන්තිමට ජංක්කූක්ට එහායින් ඉදගත්තා අනිත් කෙල්ලා උගුර පෑදුවේ තවත් ජීවියෙක් ඉන්නවා කියලා කියන්න වගේ.

" හ්යොන්ග්.... ඔයා කොයි වෙලේද මෙතෙන්ට ආවේ. මං දැක්කෙත් නැහැනේ. "
උගුර පාදපු හඩට ගැස්සිලා සිහියට ආපු කොල්ලා එයාගේ හියොන්ග් වුන කොල්ලට කිව්වේ පුදුම වෙලා ලොකු වුන බෝල ඇස් එක්කමයි.

" හහ්.. දැක්කෙ නැහැ, කොහෙ දකින්නද තමුසේ වෙන ලොකෙකනේ හිටියේ කවුරු හරි ඇවිත් කුදලගෙන ගියත් දන්නෑ. "
කොල්ලා කිව්වේ විහිළුවට වුණත් ජංක්කූක් හිටපු සීරියස් පෙනුම ඉදිරියෙ කොල්ලත් විහිළු තහළු කරන එක නතර කරෙ හරි උවමනාවෙන් ජංක්කූක් දිහා බලන අතරෙ.

"ජංක්කූක්ආ  ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද? මං ඔයා ගැන බලාගෙන හිටියේ මේ ටිකෙම ඔයා මොකක් හරි දෙයක් ගැන නිතරම කල්පනා කරනවා, ප්‍රශ්නයක් නම් හියොන්ග් ට කියන්න "
ටේ ජංක්කූක් ගේ උරහිසට තට්ටුවක් දාලා එහෙම කිව්වේ මේ  ටික කාලෙක ඉඳන් කොල්ලා වැඩි පුර කල්පනා කරනවා , දැකපු නිසා.

UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓Tahanan ng mga kuwento. Tumuklas ngayon