පහලොස් වෙනි පරිච්ඡේදය.............
නොහිතපු විදියට ටේහියුන්ග් හිනාවෙන්න ගනිද්දී ටේ ගේ ෂර්ට් එකෙන් අල්ලගෙන හිටිය ජංක්කූක් ගෙ අත් ලිහිල් වුනේ කොල්ලටත් නොදැනීමයි.
පිස්සෙක් වගේ හිනාවෙවී හිටිය ටේ එක පාරටම මිටි කරපු අතින් ජංක්කූක් ට ගැහුවේ , එක පාරටම මොකක්ද වුණේ කියලා තේරුම් ගන්න බැරිව හිටපු කොල්ලා ට ටේහියුන්ග් න් ලැබුන බලාපොරොත්තු නොවුන ප්රහාරෙන් අඩියක් දෙකක් තල්ලු වෙද්දී.
ඒත් ජංක්කූක් ට පුලුවන් වුනා වැටෙන් නැතිව බේරෙන්න.' ආහ් '
ටේහියුන්ග් ගහපු පාර කොල්ලගේ තොලට වැදෙද්දි ජංක්කූක් ගෙන් ඉකියක් පිට වුනේ තොලින් දැනුන වේදනාව ට.
කටට ලේ රහක් එද්දී කෙල ටික විසික් කරපු කොල්ලා පිට අල්ලෙන් තොලත් පිහිදාලා ටේහියුන්ට වින්ක් කරෙ ටේහියුන්ග් ආය පාරක් කොල්ලා ට ගහන් අත දික් කරද්දී.ඊට කලින් ඉක්මන් වුන කොල්ලා ටේව තල්ලු කරද්දි ලග තිබුන ගලක් පෑගිලා කොල්ලා වැටෙද්දි ටේහියුන්ග් එක්ක ආව අනිත් කොල්ලො ටික ජංක්කූක් ට ගහන්න පැන්නෙ ජංක්කූක් ත් එවුන් ටිකට නෙලද්දි.
වැටිච්ච පාර උලුක් වෙච්චි කකුලත් අල්ලගෙන ටේ නැගිටින්න බැලුවත් ආය පාරක් වැටෙන්න යද්දි කොල්ලා ලග තිබ්බ බිත්තියට හේත්තු වෙලා කොහොම හරි නැගිට්ටා.
' ඇත්තටම තමුසෙලාට ලැජ්ජ නැද්ද ආ.. හතරක් එකතු වෙලා තනි එකෙක්ට ගහන්නෙ... ඒක අසාධාරණ යි.. '
ජංග්කූක් මූණත් එල්ලන් කිව්වෙ ඊලගට කොල්ලට ගහන්න ආපු එකාගෙ අනාගතෙට පාරක් ගහන ගමන්.
' ඕහ්.. ඒක නම් ගොඩක් රිදෙන්න ඇති '
වැදිච්ච පාරෙ සැරට ඒ මනුස්සයා 'දබොක් ' ගාලා බිම ඉන්ද වෙද්දී එයාගේ මූණේ ඉරියව් දිහා බලාගෙන හිටපු ජංක්කූක් කිව්වේ මූණට මවාගත්ත දුකක් එක්ක.
කොහොම හරි බිත්තියට බර වෙලා නැගිට්ට ටේහියුන්ග් දැක්කෙ තමන්ගේ අතිජාත සගයෝ ටික බිමවැටිලා ඉන්නවා, එක්කෙනෙක් ගේ නහයෙන් ලේ පෙරෙද්දි තව එකෙක්ගෙ නලල ටිකක් පැලිලා, අනිත් ඩබල බිම ඉන්ද ඉන්නවා වැදිච්ච පාරවල්වල සැරට.
දැකපු පාර ටේහියුන්ග් ටිකක් ශොක් වුණත් ඊලඟ මොහොතෙම රකුසු බැල්මක් මුහුණට අරගත්තා." තමුසෙ කොහෙන්ද එච්චර හයියක්, මගේ කට්ටිය ට ගහන්න "
කොරගගහා කොහොම හරි කොල්ලා ජංක්කූක් ඉන්න පැත්තට ආවත් ටේට බැරි වුණා ජංක්කූක් ට ගහන්න නම්.
ඒත් එක්කම වගේ එතෙන්ට ආපු මිසිස් ලී
' ජීයොන් ජංග්කූක් කිම් තේහියුන්ග් තමුසෙලා දෙන්නා අය රණ්ඩු වුණාද ආ... '
බෙරිහන් දෙන්න ගත්තේ ඒ සද්දෙට පංති වල ලමයිනුත් එතෙන්ට පිරෙද්දි.
ඇත්තටම ඉතින් මේක මහ අලුත් දෙයකුත් නෙමෙයි. මොකද ටේහ්යුන්ග් , ජංක්කූක් දෙන්නා එක ලග නම් එතන අනිවාර්යයෙන්ම රණ්ඩු වක්. ඒක ඉස්කෝලේ හැමෝම වගේ දැනගෙන හිටියා. ඒ හින්දා ම ටීචස්ලා එකතු වෙලා මෙ ඩබලව පංති දෙකක තිබ්බේ.
ඒත් කොහෙද ඉතින් ටේහියුන් ජංක්කූක් දැක්ක තැන යුද්ධය ප්රකාශ කරනවා අනිතිමට ඒක නවතින්නේ කාට හරි දවස් ගානකට ඇදක ඉන්න වෙලා.මීට කලින් රණ්ඩුවෙන් ටේට සති දෙකක කොලේජ් තහනමකට පස්සේ කොල්ජ් ආපු පලවෙනි දවසෙම ඉතින් ආය වලියක් දාගත්ත.
<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<
- waiting for next -
2023-01-29
Dhanu
I💜Uකියවන, වෝට් කමෙන්ට් කරන හැමෝටම තෑන්ක්ස්🤗🥰
YOU ARE READING
UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓
Fanfiction' වචනයකින්වත් ආදරෙයි නොකියා ආදරේ කරපු මිනිස්සුන්ගෙ ආදරේ හරි ලස්සනයි. ආදරේට ආදරෙයි කියන්නම ඕන නෑ, ඇස් වලින් දැන්නුවාමත් ඇති ... ' | අමතකනොවන ආදරය | -The Unforgettable Love ©Copyright by @N.Dhanu Published ; 2022-07...