දහහතරවන පරිච්ඡේදය.......
...
තරහටම කොල්ලාගේ අතෙ නහර ඉලිප්පෙද්දි ජංක්කූක් තව තවත් ඇගිලි මිට මොලව ගත්තේ නියපොතු අල්ලට තද වෙලා රතු පාටට සලකුණු වෙද්දි.
කොල්ලා ඉවසුවා.
ජංග්කූක් කියන්නේ ඉක්මනට තරහා යන ඒ වෙලාවට පාලනය කරන්න අමාරු කොල්ලෙක්.
ඒත් මෙ වෙලාවෙ කොල්ලා ඉවසුවා , මොකද කොල්ලට ඕන වුණේ නැහැ තවත් ප්රශ්නයක් ඇති කර ගන්න.එහෙම වුණොත් තමන්ටමයි පාඩු කියලා කොල්ලා දැනගෙන හිටියා.
ඒත් ඉතින් මූ රණ්ඩුවටම ආවොත් අපි ඕන කෙනෙක්ගෙ ඉවසීම නැති වෙන්න පුළුවන් නෙ 😐
" හහ්
මූණට වැටිලා තියෙන කොට කොණ්ඩ කෑලි ඔලුව ගසලා පැත්තට කරගත්ත කොල්ලා
කට කොනින් හිනා වුනේ තමන්ට ඉස්සරහා ඉන්න කොල්ලො සෙට් එකව ගන්න නොගෙනමයි.'තමුසෙට මම...'
ජංග්කූක් තමන්ව ගනන් නොගෙන නෝන්ඩියට හිනාවෙන්න ගත්තම ආගන්තුක කොල්ලගේ මූණේ තිබුණ කැත හිනාව අතුරුදහන් වුනෙ එක නිමේෂයකින්.
ඒ වෙනුවට ඒ මුනේ තරහක් පිරෙද්දි කොල්ලා අඩියට දෙකට ජංක්කූක් ට ගහන්න පැන්නත් ඉක්මන් වුන ජංක්කූක් තමන්ගේ අත් වලින් ආගන්තුක කොල්ලගේ කෝලර් එකෙන් අල්ලලා තද කරෙ කොල්ලට හිතන්නවත් ඉඩක් නොතියාමයි." ටේහියුන්ග් තමුසෙ ඇයි මාත් එක්කම එල්ලෙන්න හදන්නේ ඕයි .."
කොල්ලා කිව්වේ අල්ලන් හිටිය ටේහියුන්ග් ගෙ කොලර් එකෙන් තවත් තදට අල්ලන අතරෙ.
තමන්ගේ ෂර්ට් එකෙන් අල්ලගෙන ඉන්න ජංක්කූක් ගෙ අත් අයින් කරගන්න උත්සාහ කරන ගමන් ටේහියුන්ග් කොල්ලා අහපු ප්රශ්නෙට උත්තරයක් නොදී හිනාවෙන්න ගත්තෙ පිස්සෙක් ගානට.
පිස්සුවෙන් වගේ ටේහියුන්ග් හිනා වෙන්න ගද්දී පුදුම වෙච්ච ජංක්කූක් ගෙ අතින් ටේහියුන්ගේ ෂර්ට් එකෙන් අල්ලගෙන හිටිය කොල්ලගේ අත් ලිහිල් වුනේ 'එක පාරටම මූට මොන යකෙක් වැහුනද ' වගේ ලුක් එකෙන් බලන් ඉද්දී.
<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<
චූටි චැපි නෙද 😐
🙂𝚆𝚊𝚒𝚝𝚒𝚗𝚐 𝚏𝚘𝚛 𝚗𝚎𝚡𝚝...
𝙸💜𝚄
2023-01-17
#𝙳𝚑𝚊𝚗𝚞
ESTÁS LEYENDO
UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓
Fanfic' වචනයකින්වත් ආදරෙයි නොකියා ආදරේ කරපු මිනිස්සුන්ගෙ ආදරේ හරි ලස්සනයි. ආදරේට ආදරෙයි කියන්නම ඕන නෑ, ඇස් වලින් දැන්නුවාමත් ඇති ... ' | අමතකනොවන ආදරය | -The Unforgettable Love ©Copyright by @N.Dhanu Published ; 2022-07...