පස්වන පරිච්ඡේදය....
Author pov....
මතක අස්සේ ඇවිදපු කෙල්ලට මහන්සියටම නින්ද ගියා,
පහුවදා උදේ සුපුරුදු පරිදි නැගිට්ට කෙල්ල වෙනදා වගේම කොලේජ් යන්න ලෑස්තියි වුණේ වෙනදට නැති අලුත්ම ප්‍රබෝධමත් කමකින්....කොලේජ් එකට ගියපු කෙල්ල තමන්ගෙ පන්තියට යද්දිත් කෙල්ලගේ යාළුවා ඇවිත්.....
"මින්-අහ් ඔයා ආවද... මං බැලුවා මොකද අද පරක්කු කියලා..."
" හ්ම්... අද ඔයා වේලාසනින් ඇවිත්නේ , ඒ නිසා වෙන්න ඇති..."
" ඓහෙම හිතමු කෝ එහෙනම් "
" ඒකනේ..."
" මේ ඒක නෙමෙයි ඔයා ගණන් වල වැඩ ටික කරාද මින්-අහ් , මට ඒ ටික තේරෙන්නේ නැහැ නේ....."
" ම්ම් ඔව් කරා.., මං ඔයාට කියලා දෙන්නම් කෝ...."
" හරි එහෙනම් 😁"
________________________
Min-ah pov....
අදත් වෙනදා වගේම මං කොලේජ් එකට ගිහින් වැඩ ටික කරා..... මේ දවස්වල හරි මහන්සි. හැම පීරියඩ් එකක ම වෙනදාටත් වඩා වැඩියෙන් උගන්වනවා... මොකද ෆයිනල් එක්සෑම් එකට තව ටික කාලයයි නේ තියෙන්නේ..... ඉතින් මේ කාලේ වැඩි පුර මහන්සි වෙලා වැඩ කරන්න ඕන, මොකද මේක පාස් වුණොත් තමයි යුනිවර්සිටි යන්න පුළුවන්.......
ගෙදර ඇවිත් කොලේජ් එකේ වැඩ කරන අතරෙදි ත් මට මතක් වුනේ එයාව, අද එයා කොලේජ් ආවෙත් නැහැ, පොඩි දුකක් දැනුනත් ඒක අමතක කරලා කොලේජ් එකේ වැඩ වලට අවධානය දුන්නත් හිතට හරි නෑ වගේ දැනෙනවා....
මොකක් හරි අසනීපයක් ද දන්නේ නැහැ , නැත්නම් කරදරයක් වත්ද... නැහැ නැහැ එහෙම නැතුව ඇති.......
ඒත් ඇයි දන්නෙ නැහැ ආවේ නැත්තේ... .... ආහ් අයියෝ මට බැහැ අප්පා..... අද ආවේ නැති වුණාට අනිත් දවසේ එයිනේ.... ඒත් ආවේ නැත්තම්... . නෝට් ටික දෙන්න තිබ්බා නම්........ඔය වගේ විකාර හිත හිත ම, මගෙන් ම ප්‍රශ්න කර කරම දන්නේ ම නැතුව ස්ටඩි ටේබල් එක උඩම නින්ද ගියා.......
__________________________
_waiting for next_....
2022-08-31
I💜 U
YOU ARE READING
UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓
Fanfiction' වචනයකින්වත් ආදරෙයි නොකියා ආදරේ කරපු මිනිස්සුන්ගෙ ආදරේ හරි ලස්සනයි. ආදරේට ආදරෙයි කියන්නම ඕන නෑ, ඇස් වලින් දැන්නුවාමත් ඇති ... ' | අමතකනොවන ආදරය | -The Unforgettable Love ©Copyright by @N.Dhanu Published ; 2022-07...