දහතුන් වන පරිච්ඡේදය............
A/n pov
...
කොල්ලා හිටියේ පංතියෙන් එලියේ බිම දණ ගහගෙන. විනාඩි තිහකට ආසන්න කාලයක් දණ ගහන් හිටියත් , කකුලෙන් දැණුන වේදනාවටත් වඩා කොල්ලා හිටියේ පංතිය ඉස්සරාහින් යන ලමයි තමන් දිහා අමුතුටව බලාගෙන යද්දි, නොන්ඩියට හිනා වෙද්දි දැනුන අපහසු තාවය නිසා වේදනාවින්. දණහිස් දෙක තමන්ට දැනෙන්නෙ නැති තරම් වෙද්දී කොල්ලාට තරහක් ආවත් තමන් නිසා ම කරගත්ත දෙයක් වෙද්දී කොල්ලට තමන් ගැනම කේන්තියක් ආවේ නැතුවම නෙවෙයි.
මීට ටික වේලාවකට කලින් මිසිස්, ලී ගේ දොස් කීම නැවතුනේ පීරියඩ් එක ඉවර වෙනකං දනගහගෙන ඉන්නොන කියන මතයත් එක්ක.
ඒ නිසා ජංක්කූක් ට වචනයක් වත් කතා නොකර , නිදහසට කරුණු ඉදිරිපත් කරන් නැතුවම පංතියෙන් එලියේ බිම දණ ගහගෙන ඉන්න වුණේ මිසිස් ලී දරුණු මුහුණකින් කොල්ලා දිහා බලාගෙන ඉද්දී." ඔහෝ බලන්නකෝ කවුද ඉන්නේ කියලා "
කොල්ලා දණගහන් හිටපු තැනට ආපු කොල්ලො ටිකදෙනාගෙන් මැදට වෙන්න හිටපු එක කොල්ලෙක් කිව්වේ ඌ වටෙට හිටිය අනිත් කොල්ලො ටික සමච්චලේට වගේ හිනා වෙද්දි." තමුසේ ....'
ඇස් දෙක බිමට බර කරගෙන හිටිය කොල්ලා ඔළුව උස්සලා බැලුවේ තමන් ලගට ඇවිත් නතර වුණ සපත්තු වල අයිතිකාරයා කවුද කියලා බලන්න උනත් හිටපු කෙනාව දැකපු කොල්ලාට කියැවුනේ තරහකින්." ඇයි මේ තරහා ගිහින් අහ්, පුදුම වුණාද ? ...බලන්නකෝ මෙයා මට රවනවා නෙ "
කට්ටියගෙන් ලොක්කා වගේ කියන්න පුළුවන් පෙනුමක් තිබුන කොල්ලා නක්කලේට වගේ කියලා අන්තිම ටික කියද්දී තරගෙට රවන ජංක්කූක් දිහාට ඇගිල්ලක් දික් කරලා කට්ටිය පැත්තට හැරිලා කිව්වෙ කටකොනෙ හිනාවකුත් එක්ක.
" තමුසෙ ආයෙත් ආවද ...
ඇත්තටම තමුසෙට ලැජ්ජාවක් නැද්ද ආ "
කොල්ලව ගනන් ගන්නේ නැතුව ම ජංක්කූක් කතා කරේ ආගන්තුක කොල්ලගේ ඇස් දෙක දිහා බලාගෙනම යි." ඇයි උබ හිතුවේ මං ආයෙ මෙ කොලෙජ් එකට එන් නැතිවෙයි කියලද , ඒවා හදෙ කොල්ලො...."
ආගන්තුකයා කිව්වේ දනගහගෙන ඉන්න කොල්ලා ලගට නැවිලා."හහ් '
" ඒක නෙවේ මොකද මේ.. දනගහගෙන. බලන්නකෝ කොලේජ් එකේ චන්ඩි කොල්ලා පනිෂ්මන්ට් කනවා හහ් හහ්..'
ආගන්තුක කොල්ලා නොන්ඩියට ජංක්කූක් ට හිනා වෙද්දි අනිත් කොල්ලො ටිකත් ඒ විදිහට ම හිනාවුනේ ජංක්කූක් ගේ අත් මිටමෙලවෙද්දි.______________________________________
-waiting for next-
කවුරු වෙන්න ඇති ද ඒ අමුත්තා ?🙂
කොහොමද ඉතින් ඔයාලට 🤗
අවුරුද්ද සුභද
මට නම් ඇඩිලා ඉන්නේ 🙁Bye
Dhanu
2023-01-03
I💜U
YOU ARE READING
UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓
Fanfiction' වචනයකින්වත් ආදරෙයි නොකියා ආදරේ කරපු මිනිස්සුන්ගෙ ආදරේ හරි ලස්සනයි. ආදරේට ආදරෙයි කියන්නම ඕන නෑ, ඇස් වලින් දැන්නුවාමත් ඇති ... ' | අමතකනොවන ආදරය | -The Unforgettable Love ©Copyright by @N.Dhanu Published ; 2022-07...