.𝟎𝟗

202 27 0
                                    


නම වන පරිච්ඡේදය.........




කොල්ලෝ විතරක් ඉන්න පංතියක තනි කෙල්ලෙක් ඉන්න එක නුසුදුසු නිසාත් , මං තනියම මොනා කරන්නද කියලා මට හිතුන නිසා ම මං පංතියෙන් එලියට ආවේ හිතට දැනුන අපහසු කමත් නිසාම යි.

ක්ලාස් එකෙන් එලියට ආපු මට දැක ගන්න පුළුවන් වුනේ එහෙට මෙහෙට දුව පැන වැඩ කරන ලමයිනුයි, ගුරුවරුන් කිහිප දෙනෙකු යි.
කොලේජ් එකෙ වාර්ෂිකව පවත්වන ක්‍රිඩා කදවුර මේ පාරත් තියෙන නිසා හැමෝම ස්පෝට්ස් මීට් එකට සුදානම් වෙනවා.

වැඩි කාලයක් නොතිබ්බ නිසාම කලබලකාරී බව ක් දැක ගන්න පුළුවන් වුණා.

ලබන සතියේ පැවැත්වෙන්න නියමිත ව තිබුන නිසා හැමෝම වගේ උනන්දු වෙන්, වෙනදට නැති කැපවීමෙන් වැඩ ටික කරනවා.

උදේම ආපු නිසා මාත් එයාලට උදව් කරේ පලවෙනි පීරියඩ් එකට තව ටික වෙලාවක් තියෙද්දී.

" හම්මෝ මහන්සි යි ..... හහ් "

එහෙම කියාගෙන හති ඇර ඇර ම මගේ පැත්තට ආවේ යුන්ගි ඔප්පා. එයා තමයි ෆුට්බෝල් ටීම් එකේ ලීඩර් ,

මගේ ලගට ඇවිත් දණහිස් දෙකට අත් දෙකත් තියාගෙන හති අරින යුන්ගි ඔප්පා ට මං ලග තිබ්බ, වැඩ කරන ලමයිට දෙන්න කියලා ස්පෝට්ස් මිස් දීපූ කූල් වතුර බොතලයක් දුන්නා.

" මොකද ඔප්පා මේ ගම වටේ රේස් එකක් දුවලා ඇවිත් වගේ හති දාගෙන .."

" හහ්... මං..මේ ලබන සතියේ... තියෙන හහ් ෆුට්බෝල්....තරගෙට ටීම් එකේ... හහ්.. ලමයින්ට එදාට අදින්න තියෙන ඇදුම් ටික දෙන්න ලමයි ටිකව හහ්.. හොයනවා .... "

මං දීපූ කූල් වතුර බොතලේත් උගුරට දෙකට ඉවර කරපු යුන්ගි ඔප්පා කතා කරේ එයාගේ දකුණු අතේ එල්ලන් ඉන්න පොලිතින් බෑග් එකත් පෙන්නන ගමන් හුස්මක් පිට කරන්නවත් වෙලාව නාස්ති නොකරමයි...


____________________________________
•{^_^}•

_ 𝚠𝚊𝚒𝚝𝚒𝚗𝚐 𝚏𝚘𝚛 𝚗𝚎𝚡𝚝 _
2022-11-04
𝙳𝚑𝚊𝚗𝚞
𝙸💜𝚄

UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓Where stories live. Discover now