.𝟐𝟕

108 19 0
                                    


විසිහත්වන පරිච්ඡේදය.......



මින්-ආ හිටියේ ඉස්කෝලෙ medical room එකේ ජංක්කූක් ට බෙහෙත් දාන ගමන්.





.
.
.

Few minutes before

මැච් එක ඉවර වෙලා ජංක්කූක් වගේ යුංගි ඇතුළු කණ්ඩායමේ කිහිප දෙනෙක් ආවේ එයාලගේ ඉස්කෝලෙ තියෙන medical room එකට.
ඇයි කිව්වොත් තරගෙ ඇතුලෙදි කිහිපදෙනෙක් ගෙම යම් යම් සීරීම් තුවාල වලට බෙහෙත් දාගන්න.
ඔය අතර ජංක්කූක් ත් හිටියේ තරගෙ වෙලාවෙදි ප්‍රතිවාදී කණ්ඩායම එක්ක තරග කරද්දී කකුලට වුන තුවාලෙට බෙහෙත් ටිකක් දාගන්න.

මේ අතරෙ මින්- ආ හිටියේ තව ලමයෙකුත් එක්ක medical room එක අස්කරන ගමන්.
ඉස්කෝලෙ medical unit එකෙ එක සාමාජිකාවක් විදිහට මින්-ආ ට සිද්ධ වුණා රෑම් එක අස්පස් කරන වැඩ වලට උදව් වෙන්න.
මොකද ඒකෙක දවසට රෑම් එක අස්කරන්න ලමයි කතාකරගෙන තිබ්බා. ඉතින් අද තමා මින්-ආ ට වගේම තව ලමයි දෙන්නෙක් ට medical room එකේ වැඩ පැවරිලා තිබුණේ.

" ඔහ්... මින්-ආ කොහොමද ඉතින්. අද ඔය දෙන්නා විතරද "

කණ්ඩායමේ කොල්ලො ටිකත් එක්ක ආපු යුන්ගි ඇහුවෙ සුපුරුදු විදිහට හිනාවෙලා.

" ආ... යුංගි ඔප්පා නේ. මං නම් හොදින් ඉන්නවා. ඔව් ඔප්පා අද අපි දෙන්නයි තව ලමයෙකුයි විතරයි, එයා ගියා යාළුවෙක්ට පනිවිඩයක් කියන්න තියෙ කියලා. ඉතින් යුංගි ඔප්පා මේ පැත්තට ආවේ.. මොනාහරි ඕන ද?"
මින්-ආ ත් එයාගේ ලස්සන හිනාවෙන් යුංගිට උත්තර දුන්නා.
පැත්තක හිටපු ජංක්කූක් මේ දිහා බලාගෙන හිටියේ ටිකක් පුදුමෙන් .
මොකද යුංගි වගේම මින්- ආ ක් හරිම සැහැල්ලුවෙන් කතා කරෙ . මීට කලින් අදුරන විදිහට. ඊටත් වඩා මේ වෙලාවේ මින්- ආ මෙතන ඇයි කියන එක ජංක්කූක් ට ප්‍රශ්නයක් වුණා.

" අහ්... මේ ඔව් මින්-ආ මේ අපි ටිකට බෙහෙත් ටිකක් දාගන්න ආවේ. ඔයාට උදව් කරන්න පුළුවන් ද " යුංගි එහෙම ඇහුවේ මින්- ආ ට කරදරයක් වෙයිද කියලා හිතලා.
හැබැයි ඒ වේලාවේ තමා මින්-ආ යුංගිට පිටිපස්සෙන් හිටපු කොල්ලො ටික දිහා හොදට බැලුවේ. ඒ වෙලාවේ තමා මින්-ආ දැක්කේ ජංක්කූක් ත් මෙතන ඉන්න බව.
මින්-ආ වැඩිය අවධානය නොදීම යුංගි කිව්වෙ එයා උදව් කරන්නම් කියලා...


UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓Where stories live. Discover now