විසිඅටවන පරිච්ඡේදය........
.
.හදිසි වැඩකට යුංගි medical room ඒකේන් යන්න ඕන වෙද්දි ජංක්කූක්ට තව ටික වේලාවක් රූම් එකේ ඉන්න ඕන උන හින්ද යුංගි ගියෙ ජංක්කූක් වගේම මින්-ආ ව තනි වෙද්දි.
" මොකද තමුසේ හිනාවෙන්නේ ආ... නිකං බොරුවට "
ජංක්කූක් කෙල්ලට රවලා කිව්වේ යුංගිගෙ කතාව මතක් වෙලා මින්-ආ ට හිනා ගියපු නිසාත්,
මින්-ආ ඔය හිනාවෙන්නේ තමන්ට බව ජංක්කූක් ට තේරුන නිසා ." මං.... නැහැ මං හිනාවුන් නැ "
මින්-ආ කිව්වේ ජංක්කූක් ගේ රැවිල්ලට එයා දිහා බලාගෙන ඉන්න බැරි නිසා , බිම බලාගෙන.
මොකද කොල්ලාගේ රැවිල්ලට කෙල්ලට තව හිනා යන්න ආව නිසා." යායායා... නවත්තගන්නවා ඔය හිනා වෙන එක. ආයිශ්...."
ජංක්කූක් කෑ ගැහුවේ කෙල්ල බිම බලාගෙනත් හිනා වෙනවා දැකලා.මින්-ආ හිටියේ අත් දෙක හොදන ගමන්. අත් දෙක හෝදලා ඉවර වුණාට පස්සේ කෙල්ල මූණ සේදුවේ මූණේ දාඩිය දාලා තිබුන නිසා.
සුදු බෙඩ් ශීඩ් දාලා තිබුන පොඩි ඇදකට වෙලා ඉදගෙන ජංක්කූක් බලාගෙන හිටියේ කෙල්ල දිහා.
වතුර බිංදු කෙල්ලගේ මූණේ රටා අදින දිහා කොල්ලා බලාගෙන හිටියේ චූටි හිනාවකින්.
ඒත් හරි ඉක්මනට ඒ හිනාව ඇදිලා මැකිලා ගියේ කෙල්ල ජංක්කූක් දිහා බලද්දි.
ජංක්කූක් ආයෙත් එයාගේ සුපුරුදු රැවිල්ල මූණට ගත්තේ කෙල්ලට රවන්න අමතක නොකරමයි." ක්හ්ම් ක්හ්ම්.. තමුසේ යුංගි හියොන් ව අදුරනවා වගේ.. අච්චර හොදට කතා කරන්න දෙන්නා "
කොල්ලා ඇහුවේ ඇස් යටින් කෙල්ල දිහා හොදට බලාගෙන.
මේ මුළු වෙලාවේ ම කොල්ලට තිබුණ ප්‍රශ්නෙ තමයි ඔය.මොකද කොල්ලාගේ හිතෙ මේ වෙද්දි කෙල්ල ගැන තිබුනෙ මීට කලින් කොල්ලට නොදැනිච්ච හරිම ආගන්තුක හැගීමක්.
ඒ හැගීම නිසා ම කොල්ලට ඕන වුනා මින්-ආ යුංගිව දන්නේ කොහොමද කියලා දැනගන්න." අහ්... ඔව් ඔප්පාව මං අදුරන්නේ ගොඩ කාලෙක ඉඳන්. අනික එයා මගේ අයියා වගේ "
මින්-ආ කිව්වේ කෙල්ලගේ සුපුරුදු ලස්සන හිනාවෙන්.
ŞİMDİ OKUDUĞUN
UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓
Hayran Kurgu' වචනයකින්වත් ආදරෙයි නොකියා ආදරේ කරපු මිනිස්සුන්ගෙ ආදරේ හරි ලස්සනයි. ආදරේට ආදරෙයි කියන්නම ඕන නෑ, ඇස් වලින් දැන්නුවාමත් ඇති ... ' | අමතකනොවන ආදරය | -The Unforgettable Love ©Copyright by @N.Dhanu Published ; 2022-07...