.𝟐𝟓

122 19 0
                                    



විසිපස් වන පරිච්ඡේදය.......







ඒත් එක නිමේෂයකින් ඒ සිනහවල් අතුරුදන් වුනේ ප්‍රතිවාදී පිළ සතුටට පත් වෙද්දි.
පන්දුව දැල වෙතට ගියත් දැල් රකින්නා විසින් පන්දුව අල්ලා ගත්තා.

නැවත වරක් ගෝලය තමා වෙතට ගත් යුංගි හරිම සූක්ෂම ව පන්දුව තම සගයෙක් වෙත යොමු කරෙ ඔහුත් පන්දුව තමාට වෙත ගද්දී. ඔහු පන්දුව වෙත ඇගිලි තුඩු වලින් පහරක් එල්ල කරේ පන්දුව දැල තුළට යවමින්.

විනාඩි හතළිස් පහක තරග කාලය අවසානයේ යුංගි ඇතුළු කණ්ඩායම ලකුණු තුනක් සහිතව පළමු වටය අවසන් කරෙ හැමෝගෙම මුහුණු තුල යම් වෙලාවකට හෝ සැනසීම ක් ඉතුරු කරලා.

විනාඩි පහලොවක විවේකයක් ඔවුන් සියල්ලන්ටම ලැබුනේ දෙවන වටයට සූදානම් වන ලෙස පෙන්වා දෙමින්.

...

Ground එකෙන් එලියට එද්දී අතට ලැබුණ වතුර බෝතලයෙන් බාගයක්ම බීපු යුංගි දැක්කේ තමන් ඉන්න පැත්තට එන ජංක්කූක් ව.

...

මේ ගෙව්න මුළු වෙලාව පුරාම ජංක්කූක් හිටියේ තරගෙ දිහා බලාගෙන.
කොහොම නෑවිදින් ඉන්නද?
කොල්ලා ෆුට්බෝල් වලට පණ ඇරලා ආස වෙද්දි.

කොහොම කිව්වත් කොල්ලා ගේ හිතෙ දුකක් නැතුවම නෙවෙයි. තමන් වෙනුවට වෙන කෙනෙක් තරග කරද්දී කොල්ලට පොඩි ඉරිසියාවක් දැනුනත් එක්ක.
ඒ කොහොම වුණත් ජංක්කූක් තමන්ගේ හැඟීම් පිටතට පෙන්නුවේ නැහැ.

පලමු වටය ඉවර වෙද්දි කොල්ලා ඉදගෙන හිටපු තැනින් නැගිට්ටෙ යුංගි හිටපු තැනට යන්න.

" යා ජංග්කුකා , ඇත්තටම මට කණගාටුයි බන් , කොහෙද අර ප්‍රින්සිපල් කාරයා ඇහුවේ නැහැ නේ ..!"
යුංගි කියවගෙන ගියේ මේ වෙලාවේ ජංග්කුක් හොදින් නෙවෙයි කියලා තේරුම් ගෙන.

" It's okay hyung , මට අවුලක් නැහැ . ඔයාලා හොදට කලා "
කොල්ලා කිව්වේ මුහුණට හිනාවක් මවා ගන්න ගමන්.
ඒත් කොල්ලට යුංගිව නම් අන්දන්න බැහැනේ.

" ආහ්... මාව තම්බන්න තාම ඔයා පොඩි වැඩී කොල්ලො.., ඒක වැඩක් නැහැ දැං."

UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓Donde viven las historias. Descúbrelo ahora