තිස්වන පරිච්ඡේදය......
ජංක්කූක් හිටියේ පිට්ටනියේ කොනේම තියෙන බංකුවට වෙලා වාඩිවෙලා. තනියම නම් නෙවෙයි මින්-ආහ් ත් එක්ක.
එවලේ උන සිද්ධියෙන් පස්සෙ කොල්ලා කෙල්ලවත් උස්සගෙන කෙලින්ම ආවේ මෙතැනට.
Medical room එකෙ ඉදන් වැඩි දුරක් නොතිබුනා වගේම මේ වෙලාවේ ළමයි අඩු වුන හින්දා කොල්ලට වගේම කෙල්ලටත් දැනුනේ නිදහස් බවක්.
නිස්කලංක පරිසරෙ නිසා ම ඒ නිදහස් බව තවත් වැඩි.මින්-ආ ව තමන්ගේ පැත්තට හරව ගත්ත කොල්ලා තමන්ගේ pocket එකට අත දාලා ගත්තේ plaster එකක්.
එහෙන්මම බලෙන්ම වගෙ කෙල්ලගේ අත ගත්ත කොල්ලා හරි පරිස්සමට plaster එක කෙල්ලගෙ සීරිලා තියෙන අතේ ඇලෙව්වා.කොල්ලගේ මුහුණේ තිබුණේ වද වෙන බවක්. ඒත් ඇයි ඒ ? මොකක් නිසාද ?
සමහරවිට ජංක්කූක් ගේ හිතෙ කෙල්ල ගැන හැගීමක් වත් තියෙනවාද?හැබැයි සමහරවිට වෙන්නත් පුළුවන් !
" මං එනකම් මෙතෙන්ටම වෙලා ඉන්නවා , තේරුනානේ!"
හඩ උස් කරලා කොල්ලා එහෙම කිව්වේ ගැඹුරු කටහඬ කින්. ඒකෙ හරියට අණක ස්වරූපයක් ගැබ් වුණා .
ආපිට කෙල්ලගෙන් උත්තරයක් බලාපොරොත්තු නොවීම කොල්ලා එතනින් ගියෙ හරි හදිස්සියේන්.කොල්ලා වේගවත් අඩි තියලා යන දිහා හිස් හැගීමකින් බලාගෙන හිටපු කෙල්ල ඇස් පියා ගත්තේ පරිසරේට ඇහුන්කන් දෙන ගමන්මයි.
4 year after
.
.පිට්ටනියේ කොනේම වෙන්න තිබුණු ලී බංකුවට වෙලා පෙනුමින් අවුරුදු පහලවක්, දහසයක් විතර වෙන පොඩි කෙල්ලෙක් වාඩි වෙලා හිටියේ දැන් ටික වෙලාවක ඉඳන්.
පිට්ටනියේ කෑගහන, සෙල්ලම් කරන ලමයි අතරෙ කෙල්ල හිටියේ නම් මොකක් හරි ලොකු කල්පපනාවක වෙලිලා .ලී බංකුවට ටිකක් එහාට වෙන්න පීදිලා තිබුන ලොකු ඕක් ගස් කිහිපයක් නිසා කෙල්ල හිටපු හරිය හරි සෞම්‍ය පරිසරයකට උරුමකම් කිව්වා. විටින් විට හමන මද වියළි සුලග ඕක් අතු දිගෙ ඇදීගෙන ඇවිත් කෙල්ලගේ උඩට කරලා බැදලා තිබුන කොණ්ඩෙ වැදුනේ කොණ්ඩ කෑලි කෙල්ලගේ මූණේ දග කරන අතරෙදි.
YOU ARE READING
UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓
Fanfiction' වචනයකින්වත් ආදරෙයි නොකියා ආදරේ කරපු මිනිස්සුන්ගෙ ආදරේ හරි ලස්සනයි. ආදරේට ආදරෙයි කියන්නම ඕන නෑ, ඇස් වලින් දැන්නුවාමත් ඇති ... ' | අමතකනොවන ආදරය | -The Unforgettable Love ©Copyright by @N.Dhanu Published ; 2022-07...